Posts

Wordpress Theme | ඇෆිලේට් සයිට් වලට හොදම තීම්ස් 7ක්

Image
ඔන්න යාළුව අදත් මම ඔයාලට අළුත් දෙයක් අරගෙන තමයි ආවේ. අපි අද කථා කරන්නේ WordPress Theme ගැන. මුලින්ම කියන්න වෙනත් කථාවක් තියෙනව මට. මීට දින කිහිපයකට පෙර කුප්පියේ මම දාපු පෝස්ට් එකකට අනන්‍යතාව සගවාගත් කෙනෙක් විසින් ලොකු කතන්දර කිහිපයක් කියල තිබුනා. මම නම් මගේ අනන්‍යතාව සගවල නෑ. මේ සයිට් එකේ මෙන්න  මෙතනින්  ගියානම් බලන්න පුළුවන් මම කවුද කියල. මගේ පින්තූරත් දාල තියෙනව… මම කුප්පියේ පෝස්ට් එක දැම්මේ අන්තර්ජාලයෙන් මුදල් උපයද්දි ඔයාලට මතුවෙන ගැටළු මොනවද කියල අහල. ඒකෙන් මම බලාපොරොත්තු උනේ ඒ ගැටළු වලට කෙටියෙන් පිළිතුරු සැපයීම සහ දීර්ඝ වශයෙන් ඒවා පිළිබදව මේ බ්ලොග් එකේ කථා කිරීම. ඉතින් කෙනෙක් මම දාපුව උපුටා දක්වමින් ඒවාට වැරදි අර්ථකථන දෙමින් දිගින් දිගටම මට පහර දෙන්න උත්සහා කරා. මම කිසිම දවසක කිසිම විදියකින් කුප්පියේ හෝ වෙනත් තැනක මගේ ප්‍රොඩක්ට් තදින් විකුණන්න උත්සහ කරල නැති බව ඔයාල දන්නව ඇති. මට මගේ මේ බ්ලොග් එකේ ඕන දෙයක් දාන්න පුළුවන්. ඒත් මම බ්ලොග් එකේ උනත් වැඩිය මගේ ප්‍රොඩක්ට් ගැන කථා කරල නෑ. පහුගිය පෝස්ට් බැලුවම උනත් ඕන කෙනෙක්ට තේරෙනව මම හාර්ඩ් සෙලින් කරල නෑ කියල කිසිම දෙයක්....

Starting Blog : ඔයාගේ බ්ලොග් අඩවිය පටන්ගන්න කලින් කල යුතු දේවල් පහළොවක් !

හොදයි මිත්‍රයා, කොහොමද ඔයාට? මේක තමයි මගේ පළවෙනි බ්ලොග් පෝස්ට් එක. මම හිතන්නෙ ඉස්සරහට ඔයාට ගොඩක් දේවල් කියල දෙන්න මට පුලුවන් වෙයි. ඒක මගේ පොරොන්දුවක්. ඔයා සමහරවිට මාව නොදන්නව ඇති. ඔයා මේ බ්ලොග් එකට ආපු පළවෙනි දවසනම් මම ඔයාට ආරාධනා කරනව  මෙතනින්  ගිහින් මම ගැන පොඩ්ඩක් කියවන්න කියල. ඒක උදවුවක් වෙයි අපි දෙන්නගේ යාලුකම ඉස්සරහට ගෙනියන්න. කැමතිනම්  මෙතනින්  ගිහින් මාත් එක්ක සම්බන්ද වෙන්නත් ඔයාට පුළුවන්. ඉතින් මට කියන්න අමතක උනානෙ. අද මම ඔයාට කියල දෙන්න යන්නෙ අන්තර්ජාලය හරහා මුදල් උපයන්න අපි දෙන්නා යන මේ ගමනේ පළමු පියවර වලින් එකක්. ඇත්තටම මේක බේසික් පාඩමක්. බේසික් කිවුවට ඇඩ් ක්ලික් ගැනවත් මයික්‍රො ජොබ්ස් ගැනවත් මම කියල දෙන්නෙ නෑ. මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ ගොඩක් අරමුණු ඇතිව. මම ඔයාව මාසිකව $1000ක් උපයන මට්ටමට ගේන්න උත්සහ කරනව. හැබැයි ඔයාගේ කැපවීම තියෙන්න ඕන. අපි බලමුකෝ ඉස්සරහට නේද මිත්‍රයා? හරි මුලින්ම කියන්න ඕන දේ තමයි මම අද ඔයාට කියල දෙන්න යන්නෙ බ්ලොග් එකක් පටන් ගන්න කලින් (Before Starting Blog) ඔයා මොනවද කරන්න ඕන කියල. ඇත්තටම ඔයාගෙයි මගෙයි මේ ගමනේ මුලිකම දෙයක් තමයි S...

Backlink Building Epic Guide | විකිපීඩියාවෙන් බැක්ලින්ක් ගමු

Image
ඔන්න යාළුව මම ආයෙත් වතාවක් අපේ චැලේන්ජ් එකේ හොස්ටින් ගැන පෝස්ට් එක දාන්න කලින් වෙනත් දෙයක් කියල දෙන්නයි යන්නේ. අපිට ගොඩක්ම ඉස්සරහට වැදගත් දෙයක්. ඒ තමයි Backlink Building. අනිත් දේ තමයි මම ඔයාට අද කියල දෙන්නේ Backlink Building කියන්නේ මොකද්ද කියලනම් නෙමෙයි. ඒ වෙනුවට මම අතිශයින් විශේෂ රහසක් ඔයා එක්ක බෙදාගන්නයි ලැස්තිය. ඔයාල දන්නව ඇතිනේ විකිපීඩියාව කියන්නේ ලෝකේ තියෙන හොදම Trusted සයිට් එක කියල. ඉතින් ඒ වගේ සයිට් එකකින් ලින්ක් එකක් ඔයාගේ සයිට් එකට ලැබෙනව කියන්නේ කොහොමද නේද? Warning  : මම ඔයාව විශ්වාස කරල කියල දෙන දේවල් වැරදි වැඩ වලට හෝ වැරදියට භාවිතා කරන්න එපා. ඒකෙන් විනාස වෙන්නේ ඔයා විතරක් නෙමෙයි. ලෝකය ඉදිරියේ ලංකාවෙ නමත් විනාස වෙයි. හොද මිනිස්සුන්ට ලැබෙන අවස්ථාව නැති වෙයි. ඒක නිසා හනුමන්තා වගේ හතර වටේට ගිනි තියන්නේ නැතුව මොලේ පාවිච්චි කරල වැඩ කරන්න. ( මම මෙහෙම කිවුවෙ සමහර අයගේ මෝඩ වැඩ නිසා අපිට ලැබෙන්න තිබුන සමහර දේවල් රටටම අහිමි උන නිසා ) What Is Backlink Building Backlink Building ගැන කථා කරන්න කලින් අපි මුලින්ම බලන්න ඕන මොකද්ද Backlink එකක් කියන්නේ කි...

කොහොමද හොද Keyword එකක් හොයාගන්නේ – Part 2

Image
කොහොමද යලුව? ඔන්න මම අද ඔයාට කියල දෙන්න යන්නේ අපි මීට කලින් කථා කර Keyword Research එක ගැන. මේ ඒ පෝස්ට් එකේ දෙවනි කොටස. ඔයාල ඒ පෝස්ට් එක බැලුවෙ නැත්තන් මේ ලින්ක් එකෙන් ගිහින් ඒක බලන්න. නැත්තන් මම අද කියන ඒව මැල්ලුම් වගේ තියේවි. හැබැයි දෙයක් කියන්න ඕන. Keyword Research පෝස්ට් එක කලින් කියවල ඒකෙ තියෙන දේ කරේ නැත්නම් ඔයාට අද පෝස්ට් එක වැඩක් වෙන්නෙ නෑ. මේ තියෙන්නෙ පළවෙනි Keyword Research පෝස්ට් එකේ ලින්ක් එක : http://marketingeggs.com/keyword-research/ හරි දැන් ඔයාල Seed Keywords එහෙම හොයාගෙන ඇති නේද? මට ගොඩක් මැසේජස් එහෙම ආව ඒ ගැන අහල. මම පුලුවන් විදියට හැමෝටම උත්තර දුන්න. මට ටිකක් ටයිම් ගැන ප්‍රශ්ණයක් තියෙනව දැන්. අපිට ටිකක් වැඩ වැඩී. ඒ නිසා දැන් ගොඩක් වෙලාවට මම ඔන්ලයින් එන්නේ ටිකක් රෑ වෙලා. ඒ නිසාම තමයි මේ පෝස්ට් එක දාන්න පරක්කු උනෙත්. හරි මම අද කියල දෙන්න යන්නෙ කොහොමද ඔයාල හොයාගත්ත Seed Keywords යොදාගෙන මාර්කට් කරන්න පුලුවන් Keyword එකක් හොයාගන්නෙ කියල. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මම මේකට ප්‍රිමියම් ටූල් එකක් භාවිතා කරනව. ගොඩක් දෙනා ගාව මේක නෑ මම දන්නව. ඒත් අ...

කොහොමද හොද Keyword එකක් හොයාගන්නෙ

Image
මගේ පළවෙනිම පෝස්ට් එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන වගේම මම හිතනව ඔයා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඇති කියල. මොකද මම හැදින්වීමක් වශයෙන් නෙමෙයි ඒ පෝස්ට් එක ලිවුවෙ. බ්ලොග් එකක් පටන් ගන්න කලින් කරන්න ඕන අත්‍යවශ්‍ය කරුණු පහළවක් තමයි මම කියල දුන්නෙ. දැන් මට දැනගන්න ඕන ඔයා ඒක කියවල මොකද කරේ කියල. පහලින් කමෙන්ටුවක් දාන්න ඔයා ඒ පෝස්ට් එක කියවල කරේ මොකද්ද කියල. මොකද මම මුලින්ම කිවුවනෙ මේ ගමන යන්නනම් ඔයා මම කියන දේ කරන්න ඕන කියල. ඔයා දැන් ෆෝරම් වලට එහෙම රෙජිස්ටර් උනාද? මගේ පළවෙනි පෝස්ට් එක පහළ තියෙන ලින්ක් එකෙන් බලන්න. Starting Blog : ඔයාගේ බ්ලොග් අඩවිය පටන්ගන්න කලින් කල යුතු දේවල් පහළොවක් ! ඔයා අදනම් මුලින්ම මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙන්නෙ මගේ පළමු ලිපිය කියවලාම එන්න කියල මම ආරාධනා කරනව. ඇත්තටම මම දන්නව මම කියපු කිසිම දෙයක් ඔයා කරේ නෑ කියල. කරානම් කරේ මොකද්ද කියල මට දන්වන්න කමෙන්ටුවක් හරහා හෝ  කන්ටැක්ට් ෆෝම්  එක හරහා. කොහොම උනත් මම අදට ඔයාට මුකුත් කියන්නෙ නෑ. හැබැයි අද පෝස්ටුව අවසානෙදිනම් මම ඔයාට වැඩක් පවරනව. ඒකනම් නොකර ආයෙ මාත් එක්ක එකතු වෙන්න එන්න එපා. අදට සමාව දෙන්නම් මොකද අපි ...