කොහොමද හොද Keyword එකක් හොයාගන්නෙ
මගේ පළවෙනිම පෝස්ට් එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන වගේම මම හිතනව ඔයා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඇති කියල. මොකද මම හැදින්වීමක් වශයෙන් නෙමෙයි ඒ පෝස්ට් එක ලිවුවෙ. බ්ලොග් එකක් පටන් ගන්න කලින් කරන්න ඕන අත්‍යවශ්‍ය කරුණු පහළවක් තමයි මම කියල දුන්නෙ. දැන් මට දැනගන්න ඕන ඔයා ඒක කියවල මොකද කරේ කියල. පහලින් කමෙන්ටුවක් දාන්න ඔයා ඒ පෝස්ට් එක කියවල කරේ මොකද්ද කියල. මොකද මම මුලින්ම කිවුවනෙ මේ ගමන යන්නනම් ඔයා මම කියන දේ කරන්න ඕන කියල. ඔයා දැන් ෆෝරම් වලට එහෙම රෙජිස්ටර් උනාද?
මගේ පළවෙනි පෝස්ට් එක පහළ තියෙන ලින්ක් එකෙන් බලන්න.
ඔයා අදනම් මුලින්ම මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙන්නෙ මගේ පළමු ලිපිය කියවලාම එන්න කියල මම ආරාධනා කරනව. ඇත්තටම මම දන්නව මම කියපු කිසිම දෙයක් ඔයා කරේ නෑ කියල. කරානම් කරේ මොකද්ද කියල මට දන්වන්න කමෙන්ටුවක් හරහා හෝ කන්ටැක්ට් ෆෝම් එක හරහා. කොහොම උනත් මම අදට ඔයාට මුකුත් කියන්නෙ නෑ. හැබැයි අද පෝස්ටුව අවසානෙදිනම් මම ඔයාට වැඩක් පවරනව. ඒකනම් නොකර ආයෙ මාත් එක්ක එකතු වෙන්න එන්න එපා. අදට සමාව දෙන්නම් මොකද අපි තාම Keyword Research එකක් කරේ නැති නිසා. ඉතින් අද මම ඔයාට කියල දෙන්න යන්නෙ කොහොමද අපේ නිච් සයිට් එකට ප්‍රොපිටබල් Keyword එකක් හොයාගන්නෙ කියල. මේක තමයි අපේ වැදගත්ම ස්ටෙප් එක. මම ඔයාට කියල දෙනව Keyword Research එකක් කරන්න පුලුවන් එක ක්‍රමයක්.
මුලින්ම කියන්න ඕන දෙයක් තමයි Keyword Research කියල කියන්නෙ නිච් මාර්කටින් වල වැදගත්ම ස්ටෙප් එක. ඒ නිසා තමයි මම ඒ ගැන මුලින්ම කියල දෙන්නෙ. ඔයා මේ ස්ටෙප් එක වරද්ද ගත්තොත් ඔයාගේ මුළු මොඩල් එකම වැරදෙනව. අපේ මුලු ක්‍රියාදාමයම රැදිල තියෙන්නෙ මුලිකවම අපි යොදාගන්න Keyword එක මත. ඒ නිසා Keyword Research එකට ලොකු අවදානයක් අපි දෙන්න ඕන. එහෙනම් බලමු අපි කොහොමද මේක කරන්නෙ කියල. ඔයා මේක හරියට කරොත් අපේ ගමනින් 90% සාර්ථකයි කියල හිතන්න පුළුවන්.
What Is Keyword Research?
ඇත්තටම මොකද්ද මේ Keyword Research එකක් කියල කියන්නෙ? අපි ඊට කලින් දැනගන්න ඕන දෙයක් තියෙනව. ඒ තමයි මොකද්ද Keyword එකක් කියන්නෙ කියල. Techopedia Site එකට අනුව Keyword එකක් කියල කියන්නෙ,
A keyword, in the context of search engine optimization, is a particular word or phrase that describes the contents of a Web page. Keywords are intended to act as shortcuts that sum up an entire page. Keywords form part of a Web page’s metadata and help search engines match a page to with an appropriate search query.
අනිත් අතට Keyword එකක් කියල කියන්නෙ අපි සර්ච් කරන වචන සෙට් එකකට. අපි ගමුකො මෙහෙම උදාහරණයක්. ඔයා ඔයාගේ නිච් එක විදියට තෝරගන්නව Digital Marketing. ඊට පස්සෙ ඔයා පෝස්ට් එකක් ලියනව Inbound Marketing ගැන. එතනදි ඔයාගේ Keyword එක වෙන්නෙ Inbound Marketing කියන එක. ඕක හයි ටාර්ගටඩ් කරන්න පුලුවන් Long Tail Keyword එකක් වෙන තරමට.
උදාහරණයකට හිතන්නකෝ ඔයා Inbound Marketing කියන Keyword එක ටාර්ගට් කරනව කියල. ඔයාට පුලුවන් ඒක තව Long Tail Keyword එකක් කරන්න. විශේශ පිරිසක් Target කරන්න. Inbound Marketing In Sri Lanka මෙතනදි අපි Geo Location එකක් තමයි Target කරන්නෙ. ඒ තමයි Sri Lanka. ඔයාට තියෙන Competition එක අඩු කරගන්න පුලුවන් එක විදියක් තමයි Targeted Market එහෙකට යන එක.
තව දෙයක් මතක් උන වෙලාවෙ කියන්න ඕන. ගොඩක් දෙනා කියනව සිංහල සයිට් කරල සල්ලි හොයන්න බෑ කියල. මම ඉන්නෙත් ඒ මතයෙම තමයි. නමුත් මම හිතන්නෙ මේ දේ වෙනස් කරන්න දැන් අපිට කාලය ඇවිත්. මම ඔයාලට සිංහල සයිට් එකකින් රුපියල් ලක්ශයකට ආසන්න මුදලක් ලබාගන්න පුලුවන් ආකාරයක් පෙන්වල දෙන්න තීරණය කරා. ඒ ගැන පස්සෙ කථා කරමු. දැන් එමුකෝ මාතෘකාවට.
නිච් සයිට් එකක් හරහා මුදල් උපයන්න අපි යනවනම් වැදගත්ම දේ Keyword Research එක. මුලික ක්‍රියාදාමයෙන් මම 70%ක් වෙන් කරන්නෙ Keyword Research එකට. ඒක නිසා මේ පෝස්ට් එක ස්කිප් කරන්න උත්සහ කරන්න එපා. Keyword Research එකක් කියල කියන්නෙ ප්‍රොපිටබල් Keyword එකක් හොයාගන්න අපි කරන සමීක්ශණයකට. නිකන්ම නිකන් Keyword එකක් ඕන නෑ අපිට. අපි හොයාගන්න ඕන ප්‍රොපිටබල් Keyword එකක්. හොද ට්‍රැෆික් එකක් තියෙන්න ඕන. තරගකාරීත්වය අඩු වෙන්න ඕන. එතකොට තමයි ඒ Keyword එක ප්‍රොපිටබල් වෙන්නෙ.
Is Keyword Research Really Important?
ඇත්තටම ඔව්. හිතන්න ඔයා Search කරනව “Buy T Shirt Online” ( Commercial Keyword*) කියල. සාමාන්‍යන් ඔයා ක්ලික් කරන්නෙ පළමු රිසාල්ට් එක විතරයි. වැඩිම උනොත් තව සයිට් දෙකක් බලාවි ඔයා. ඉතින් අනිත් අයත් ඔයා වගේම තමයි. ඒක නිසා අපේ සයිට් එකත් ගූගල් රිසාල්ට් පේජ් එකේ මුලටම ගන්න එක අතිශයින් වැදගත්. මේක ලේසි වැඩක් නම් නෙමෙයි. මොකද තරගකාරීත්වය වැඩි නිසා. ඒක නිසාම තමයි අපිට Keyword Research එකක් අතිශයින් වැදගත් වෙන්නෙ.
අපේ අය කරන්න වගේ ටෙච් ගැන ලියල ගූගල් රිසාල්ට් පේජ්වල අංක එකට එන්න බෑ. ඒක හීනයක් විතරයි. මොකද ටෙච් ගැන ලියන ඕන තරම් Authority Blogs ඕනවටත් වඩා තියෙන නිසා.
Chitika Site එකෙන් කරපු සමීක්ශණයකට අනුව තමයි මේ ග්‍රාප් එක හදල තියෙන්නෙ. ගූගල් රිසාල්ට් පේජ්වල අංක එකට සහ දෙකට ලැබෙන ක්ලික් වල වෙනස ඔයාට පේනව නේද? ඒකයි මම කියන්නෙ අංක එකට එන එක ඉතාමත් වැදගත් කියල.
සාමාන්‍යන් දෙවනි පිටුවට අපි යන්නෙම නැති තරම්. මොකද ගූගල් හැම විටම අපි හොයන දේ හරියටම ලබල දෙනව. ඉතින් ඔයාගේ කස්ටමර් හොයන දේ හරියටම ලබා දෙන එක තමයි වැදගත්. අනික ඇෆිලේට් මාර්කටින් කරනවනම් අංක එකේ ස්ථානය අතිශයින් වැදගත්. ඇඩ්සෙන්ස් වගේ කරනවනම් පහළින් ඉන්න එක ඒ තරම් ගැටළුවක් නෙමෙයි. නමුත් මතක තියාගන්න පහළ පේජ් එහෙකට එන්නෙ Buyer Persona කෙනෙක් නෙමෙයි. අපිට ඕන Buyer Persona කෙනෙක් මිසක් නෝමල් විසිටර් කෙනෙක් නෙමෙයි. ඒ හන්ද අපි අංක එකට එන්නම ඕන. ඒකට අපිට හොද Keyword එකක් තියෙන්න ඕන. 90% දෙනා විශ්වාස කරන්නෙ SERP* පළමු පිටුව විතරයි. ඉතින් තේරෙනව නේද දැන් ඔයාට පළමු වැන්නා වීමේ වැදගත්කම. හොද Keyword Research එකක් හරහා ලේසියෙන්ම එක වෙන්න පුළුවන්.
අපි තව පොඩි උදාහරණයක් බලමුද? හිතන්නකෝ කෙනෙක්ට ඕන වෙනව එයාගේ කොණ්ඩය Ironing කරගන්න. එයා සර්ච් කරනව “Best Hair Ironing Machine” කියල. එතකොට ඔයාගේ සයිට් එක මුලට ආවොත් ඔය උඩ තියෙන ග්‍රාප් එකට අනුව 35% දෙනා ඔයාගේ සයිට් එකට එනව. ඉතින් හිතන්න දවසකට 500 දෙනෙක් ඔය Keyword එක සර්ච් කරනව කියල. එතකොට ගූගල් හරහා ඔයාට එන විසිටර්ල සංඛ්‍යාව 175ක්.
දැන් ඔයා එයාට අවශ්‍ය හැම තොරතුරක්ම දීල තිබුනොත් එයාගේ ඊලග පියවර තමයි Ironing Machine එකක් Buy කරන එක. එයා ඔයාව දන්නෙවත් නෑ. හැබැයි එයා ඔයාගේ රෙකමන්ඩ් එක විස්වාස කරනව. ඒකට හේතුව ගූගල් විසින් ඔයාව විස්වාස කරල අංක එක බවට පත් කරල තියෙන එක. දැන් හිතන්න ඔතනින් 40% දෙනා ප්‍රොඩක්ට් එකක් බයි කරනව කියල. එතකොට අර ආපු 175 දෙනාගෙන් 70 දෙනෙක් බයි එකක් කරනව. Amazon එකේ Ironing Machine එකක් $100ක් උනොත් ඔයගේ ඇෆිලේට් ලින්ක් එක හරහා ඇමසන් සමාගම $7000ක් උපයනව. එතනින් ඔයාට 8% කොමිස් එකක් ලැබෙනව. එතකොට ඔයාගේ දවසක ආදායම කීයක් වෙනවද? $560ක් දවසට උපයන්න ඔයාට පුලුවන්. මේ දල වශයෙන්. මීට වඩා වැඩි වෙන්නත් පුලුවන් අඩු වෙන්නත් පුලුවන්. ඒක ඔයාගේ තරගකාරීත්වය හා සර්ච් වොලියුම් එක මත රදා පවතින දෙයක්. හැබැයි හිතන්න ඔයා පළමු පිටුවෙ නොහිටියනම් හෝ පළමු පිටුවෙ අවසානයට හිටියනම් මේ තත්වය මීට වඩා ගොඩක් වෙනස්. ඒකයි මම කියන්නෙ හරි Keyword Research එකක් කරන එක අත්‍යාවශයි කියල.
So, Do I Need Golden Keyword?
ඔව් ඇත්තෙන්ම. එතකොට දැන් මොකද්ද මේ ඒ පාර ගෝල්ඩන් කී වර්ඩ් කියන්නෙ? ඇත්තටම මේක Keyword එකක්ම තමයි. නමුත් මේක තමයි ප්‍රධාන Keyword එක. මෙයා තමයි අපිට ට්‍රැෆික් ගෙනත් දෙන්නෙ. අපි මෙයාව හසුරුවන විදිය අනුව තමයි හැමදේම තීරණය වෙන්නෙ. Golden Keyword එහෙකට ප්‍රධාන වශයෙන් ලක්ශණ 4ක් තියෙනව.
Search Intent, Search Volume, Low Competition සහ Commerciality
කොටින්ම කියනවනම් Buyer Persona ඔයාගේ සයිට් එකට එන්න ගයිඩ් කරන Keyword එකට තමයි අපි ගෝල්ඩන් කී වර්ඩ් කියල කියන්නෙ. මුදල් උපයන්නනම් අපිට අනිවාර්‍යන් ගෝල්ඩන් කී වර්ඩ් එකක් ඕන වෙනව. ඔතන ඔය තියෙන Search Volume කියන එක එහෙම ඔයාට බලාගන්න පුලුවන් Google Keyword Tool එක හරහා. Competition එක බලාගන්න එක්කො ඔයා මැනුවලි කරන්න ඕන. නැත්තන් Long Tail Pro යූස් කරන්න පුලුවන්.
Search Intent
දැන් දැන් මාර්කට් එක යන විදියට සර්ච් වොලියුම් එකට වඩා වැදගත් දෙයක් තමයි Search Intent කියල කියන්නෙ. අඩු සර්ච් වොලියුම් එකක් තිබුනත් ලොකු ප්‍රශ්ණයකට උත්තර සපයන Keyword එකක් නම් ඒක ගොඩක් ප්‍රොපිටබල් වෙනත් සාමාන්‍ය Keyword එහෙකට වඩා. මට මේක සිංහලෙන් පැහැදිලි කරන්න නම් ටිකක් විතර අපහසුයි. කෙහොම උනත් කොච්චර ලොකු සර්ච් වොලියුම් එකක් තිබුනත් වැඩක් නෑ ඒ Keyword එකෙන් මොකක්හරි ප්‍රශ්ණයකට විසදුමක් නොලැබෙනවානම්. උදාහරණයකින් මම මේක පැහැදිලි කරොත්,
“Funny Weight Loss Picture” කියන Keyword එකට ලොකු සර්ච් වොලියුම් එකක් තියෙනව. නමුත් ඔය Keyword එක හරහා කවුරුවත් මිලදී ගැනීමක් කරන්න පෙලබෙන්නෙ නෑ. නමුත් “Best Weight Loss Products” කියන Keyword එකට තියෙන සර්ච් වොලියුම් එක අඩුයි. නමුත් කෙනෙක් මේ හරහා මිලදී ගැනීමක් කරන්න තියෙන සම්භාවිතාව 40% පමණ වෙනව. ඔන්න ඕක තමයි Search Intent කියල කියන්නෙ. මම දන්නෙ නෑ සිංහලෙන් පැහැදිලි කරන්න. ඒකයි උදාහරණයකින් පැහැදිලි කරේ 😀
Ready To Purchase Terms
උඩ මම එක තැනක දාල තියෙනව කොමාර්ශල් කී වර්ඩ් කියල ඔයා දකින්න ඇති වරහනක් ඇතුලෙ. ඇත්තටම කොමාර්ශල් කී වර්ඩ් කියන්නෙ මේක තමයි. ඒ මිලදී ගැනීමකට සුදානම් වූ කී වර්ඩ් එකක්. මෙවැනි කී වර්ඩ් සර්ච් කරන බොහෝ දෙනා මිලදී ගැනීමකට සුදානම් වූ අය. ඒ නිසා මෙවැනි කී වර්ඩ් තමයි අපිට ඕන වෙන්නෙ. සාමාන්‍යන් මේ වගේ කී වර්ඩ් එකක අඩංගු වෙන වචන කිහිපයක් තියෙනව. වැඩි වශයෙන් අඩංගු වෙන වචන තුන තමයි Best, Cheap සහ Reviews කියන එක.
බලන්නකෝ මගේ මේ උදාහරණ කිහිපය :
- Best/Top Rated + Product Type
- Cheap + Product Type
- Quality + Product Type
- Product Type + For Sale
- Bargain + Product Type
- Best + Product Type + Online
- Best + Product Type + Reviews
- Buy + Product Type
- Product Type + Coupon
ඔන්න ඔය වගේ Keyword එකක් කෙනෙක් සර්ච් කරනවානම් එකෙන් කියවෙන්නෙ එයාලගෙන් 90% දෙනා මිලදී ගැනීමකට සුදානම් බව. එයාට ඕන හොදම හෝ ලාබම භාණ්ඩය සොයාගන්න. මෙන්න මේ හේතුව නිසා තමයි අපි මේවට Ready To Purchase Terms එහෙමත් නැත්නම් Commercial Keywords කියල කියන්නෙ. ඇෆිලේට් මාර්කටින් කරනවානම් අපේ ගෝල්ඩන් කී වර්ඩ් එක අනිවාර්‍යන් මේ විදියෙ Keyword එකක් වෙන්නම ඕන.
CPC
ඔයාල දන්නව ඇතිනෙ මේ මොකද්ද කියල. Cost Per Click කියන එක තමයි මේ. අපේ මේ ගමනෙදි තවත් වැදගත් එක්කෙනෙක් තමයි මේ. මෙතනින් අපිට දැනගන්න පුලුවන් අපේ Keyword එකට තියෙන වටිනාකම. ඇඩ්වර්ටයිසර් කෙනෙක් මේ වෙනුවෙන් කොපමණ මුදලක් ගෙවන්න බලාපොරොත්තු වෙනවද කියන එක දැනගෙන ඉන්න ඕන අපි. මේක හොයාගන්න මම ඔය උඩ දාල තියෙන ගූගල් කී වර්ඩ් ප්ලෑනර් එකෙන් පුලුවන්.
Sustainability / Trends
මේක වැදගත්ද? ඇයි නැත්තෙ. ඔයා දන්නවනෙ සමහර Keyword තියෙනව අවුරුද්දෙ යම් කාලයකට විතරයි වැදගත් වෙන්නෙ. උදාහරණයකට Valentine Gift වගේ Keyword එකක් තෝරගන්න එකේ කිසිම තේරුමක් නෑ. ඒක අවුරුද්දෙ හැම කාලෙදිම සර්ච් වෙන්නෙ නෑ. ඒක නිසා ත්‍රෙන්ඩ් එක අපිට ගොඩක් වැදගත්. අවුරුද්ද පුරාම වැදගත් වෙන Keyword එකක් තමයි අපිට ඕන. අපි ඒ වගේ Keyword වලට කියනව Ever Green Keywords කියල. උදාහරණයකට Baby Mattress කියන්නෙ Ever Green Keyword එකක්.
ත්‍රෙන්ඩ් එක බලන්න ඔයාට යූස් කරන්න පුලුවන් ටූල් දෙකක් තමයි,
How To Find Profitable Keyword For My Site?
මේ වෙද්දි මම වචන 1638ක් ලියල තියෙනව. ඒත් දැන් තමයි නියම මාතෘකාවට ආවෙ. ඒකෙන්ම තේරෙනව ඇති නේද මේක කොච්චර වැදගත් දෙයක්ද කියල? ඒක නිසා මේක හරියටම කරන්න. තව දෙයක් මේ සයිට් එක බුක්මාර්ක් කරල තියාගන්න. නිතරම එකතු වෙන්න. මට මේල් කරන්න. ස්කයිප් එකෙන් කථා කරන්න. මම සුදානම් ඔයාට උදවු කරන්න. තව දෙයක් කියන්න ඕන. මගේ ඊ ලග පෝස්ට් එකෙන් ඔයාලට විශේශ යමක් දැනගන්න ඕන නම් කමෙන්ටුවකින් මට දන්වන්න. අනික කමෙන්ට් කරන අය අතරින් එක්කෙනෙක් තෝරගෙන මම පැය භාගයක අපේ පළමු පොඩ්කාස්ට් එක කරන්න බලාපොරොත්තු වෙනව.
හරි දැන් මම අපේ ඊ ලග ස්ටෙප් එකට යන්න කලින් ඒක පොඩ්ඩක් පෙලගස්වන්නම්කො…
Keyword Research Process
- Build A List Of Seed Keyword
- Research Buying Intent Keyword
- Analyze Competition Of Selected Keyword
- Find And Research Long Tail Keyword
- Finalizing Keyword
දැන් අපි එකින් එක මේ හැම දෙයක් ගැනම සාකච්චා කරමු. මතක තියාගන්න මම ඔයාට දෙනව කරන්න වැඩක් අවසානෙට. ඒක අනිවාර්‍යන් කරන්න ඕන. අනිවර්‍යන්ම !
Build A List Of Seed Keyword
හරි දැන් මොකද්ද මේ Seed Keyword එකක් කියල කියන්නෙ කියල මුලින්ම ඔයා දැනගන්න ඕන. මේක තමයි මූලික වචනය. මේ වචනය යූස් කරල තමයි අපි Profitable Long Tail Keyword එකක් හොයාගන්නෙ. උදාහරණයකට Gardening Tool කියන වචනය Seed Keyword එකක්. මේක යූස් කරල ඔයාට පුලුවන් Profitable Long Tail Keyword එකක් හොයාගන්න. දැන් ඔය Gardening Tool කියන සීඩ් කීවර්ඩ් එක යටතේ අපිට ලබාගන්න පුළුවන් ප්‍රොපිටබල් කී වරඩ් එකක් තමයි Manual Weeders, Bulb Planters වගේ ඒව.
ඉතින් අපි මුලින්ම හොද Seed Keywords List එකක් හදාගන්න ඕන. මම අද කියල දෙන්නෙ ඇමසන් සයිට් එක යොදාගෙන Keyword Research එකක් කරන විදිය.
බලන්න ඔය උඩ තියන පින්තූරය දිහා. ඒකේ Beauty කියන Category එකේ Men’s Grooming කියන Sub Category එකේ Shave කියන සීඩ් කීවර්ඩ් එක යටතේ තමයි Electric Shavers කියන ප්‍රොපිටබල් කී වර්ඩ් එක තියෙන්නෙ. අනික මේක Buying Intent Keyword එකක් නැත්නම් Ready To Buy Term එකක් විදියට අපිට හදුන්වන්න පුලුවන්. ඔය මම රතු පාටින් කොටු කරල තියෙන තැන බලන්න.
දැන් අපි මේ ගැන ටිකක් පැහැදිලිව ඉගෙන ගමු. ඔයාට පේනව නේද Amazon Logo එකට යටින් Shop By Department කියල තැනක් තියෙනව? අන්න එතනට මවුස් එක Hover කරාම පහලට ඩ්‍රොප්ඩවුන් ලිස්ට් එකක් එනව ඒකේ යටින්ම තියනව Full Store Directory කියල ලින්ක් එකක්. ඔයා එතන ක්ලික් කරාම වෙනම පිටුවකට යාවි මෙන්න මේ වගේ.
මේ පිටුවෙ තියනව ඇමසන් එකේ තියෙන හැම කැටගරි එකක් වගේම හැම සබ් කැටගරි එකක්ම. මෙතනින් ඔයාට පුලුවන් හොද සීඩ් කීවර්ඩ් ලිස්ට් එකක් හදාගන්න. මතක තියාගන්න ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරද්දි වැදගත් වෙන කරුණු කිහිපයක් තියෙනව. ඒ තමයි මුලින්ම බලන්න ඕන අපි රිවීවු කීයක් ඒ අයිටම් එකට තියෙනවද කියල. Review 10 කට වඩා අඩු නම් මම සාමාන්‍යන් ඒ කැටගරි ගැන බලන්නෙවත් නෑ. පහලින් බලන්නකෝ මම මේ උදාහරණයක් විදියට හොයාගත්ත සීඩ් කීවර්ඩ් තුන.
- Boning & Fillet Knives
- Tactical Backpacks
- Wetsuits
ඔන්න මම ඔයාලට උදාහරණයක් එක්කම පැහැදිලි කරන්න ඕන නිසා සීඩ් කීවර්ඩ් තුනක් හොයාගත්ත. දැන් ඔයාට කරන්න තියෙන්නෙ මේ වගේ සීඩ් කීවර්ඩ් හොයාගන්න එක. මතක තියාගන්න රිවීවු එහෙම වැඩිපුර තියෙන අයිටම් තියෙන සබ් කැටගරීස් තෝරගන්න. නැත්තන් පස්සට කරදරයි. ඔයාට පුලුවන්නම් කී වර්ඩ් 100ක් උනත් කමක් නෑ හොයාගන්න. වැඩිපුර තියෙන තරමට හොදයි.
Research Buying Intent Keyword
ඔන්න දැන් අපිට Seed Keyword List එකක් තියෙනව. දැන් අපිට ඕන Buying Intent Keyword ටිකක් හොයාගන්න අපේ සීඩ් කීවර්ඩ්ස් යොදාගෙන. මේකට අපි යූස් කරන ෆ්‍රී ටූල් එක තමයි https://adwords.google.com/KeywordPlanner එක.
Tool – Keyword Planer මත ක්ලික් කරන්න මුලින්ම. ඊට පස්සෙ මම ඔය රතුපාටින් ලකුණු කරල තියෙන “Search For New Keywords Using A Phrase, Website Or Category” කියන තැන ක්ලික් කරන්න. දැන් ඔයාට ලැබෙවි මෙන්න මෙහෙම ස්ක්‍රීන් එකක්.
ටාර්ගට් කන්ට්‍රි එක යුනයිටඩ් ස්ටේට් දාන්න. මොකද අපි ටාර්ගට් කරන්න ඔන ඇමරිකානු හා යුරෝපීය වෙලදපොල නිසා. ඇත්තටම ඇමසන් සමාගමේ වැඩිම ආදායමක් ලැබෙන්නෙ ඇමරිකාව ආශ්‍රිතව. වෙන රටවල් ඔක්කොගෙන්ම එන ආදායමට වඩා වැඩි ආදායමක් ඇමරිකාවෙන් හා කැනඩාවෙන් ඇමසන් සමාගම ලබනව. ඒක නිසා යුනයිටඩ් ස්ටේට්ස් තොරාගන්න එක වැදගත් අපේ මාර්කට් එක විදියට.
දැන් ඔයා කරන්න ඕන දේ තමයි සර්ච් වොලියුම් එක ෆිල්ටර් කරගන්න එක. මම නම් සාමාන්‍යන් 800ත් 4500ත් අතර තමයි මේක සෙටප් කරන්නෙ. අපි දැන් හදන්නෙ මේන් කී වර්ඩ් එක හොයාගන්න අපේ සීඩ් කීවර්ඩ්ස් යූස් කරල. පහළ මම දාන පින්තූරයේ විදියට රිසාල්ට් එක ෆිල්ටර් කරගන්න මුලින්ම.
දැන් අපි හදන්න ඕන Buying Intent Filter එකක්. මම ඔයාලට උඩ දුන්න නේද බයින් ඉන්ටෙන්ට් කී වර්ඩ් ලිස්ට් එකක්? උදාහරණයකට ගත්තොත් Best + Product Type + Reviews වගේ එකක්. ඇමසන් නිච් සයිට් එකකට මම නිර්දේශ කරන්නෙ මේ අතරින් කීවර්ඩ්ස් තුනක් විතරයි. ඒ වල අඩංගු වෙන වචන තමයි ( මම රෙකමන්ඩ් කරන වචන )
- Best
- Review
- Reviews
ඉතින් අපි මේ තුන අපේ ෆිල්ටර් එකට ඇතුලත් කරන්න ඕන. මම පහලින් දාල තියෙනව ඒක කරන හැටි පින්තූරයකින්. වචනයෙන් කියනවට වඩා පැහැදිලි වේවි ඔයාට මේක.
ඔයාට ඕන නම් Top Rated, Cheap වගේ වචනත් ඇඩ් කරන්න පුලුවන්. දැන් ඕක සේව් කරන්න. ඊට පස්සෙ පහළ තියෙන “Get Ideas” කියන Button එක ක්ලික් කරන්න. දැන් ඔයාට ඔයා යොදපු කී වර්ඩ් එකට අදාලව සහ අපි හදපු ෆිල්ටර්ස් වලට අදාලව රිසාල්ට් එකක් එනව නේද? ඒ අතරින් අපේ මේන් කීවර්ඩ් එකට මෙන්න මේ මම පහලින් දාන ලක්ශණ තිබීම අනිවාර්‍යයි.
- Monthly Search Volume එක 800ත් 5000ත් අතර තියෙන්න ඕන. වැඩි උනත් කමක් නෑ
- Keyword Pattern එක මෙන්න මේ විදිය වෙන්න ඕන (මම සර්ච් කරන්න යොදාගත්තෙTactical Backpacks)
- Best Tactical Backpacks
- Tactical Backpacks Review
- Tactical Backpacks Reviews
- Ever Green Search එකක් තියෙන්න ඕන ( උඩ තියෙනSustainability / Trends කොටස කියවන්න)
- මොකක්හරි විශේශිත ප්‍රොඩක්ට් එකක් තියෙන්න ඕන (උදාහරණයකට Best Fitness Machine කියන එක තේරුමක් නෑ. මොකද ඒ යටතේ තවත් ගොඩක් කී වර්ඩ් තියෙනව. නමුත් Best Treadmill කියන්නෙ විශේශිත ප්‍රොඩක්ට් එකක් වගේම හොද කීවර්ඩ් එකක්)
- ඇමසන් එකේ මේ ප්‍රොඩක්ට් එක තියෙන්න ඕන…( නැත්තන් අපි කොහොමද ඇෆිලේට් කරන්නෙ නේද? :-p )
- ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක $50ට වැඩි වෙන්න ඕන
මෙන්න මේ කියන සියලුම කාරණා සම්පුර්ණ වෙන කීවර්ඩ් එකක් ඔයාට ලැබුනොත් අපි අපේ ගමනින් 75% ට වැඩ ඉවර කරල. යම්කිසි හේතුවක් නිසා එහෙම කීවර්ඩ් එකක් නොලැබුනොත් ආයෙත් මුල ඉදල වෙන සීඩ් කීවර්ඩ් එකක් ට්‍රයි කරන්න. මේ විදියට ඔයාගේ සියළුම සීඩ් කීවර්ඩ් ගැන රිසර්ච් කරල බලන්න. එහෙම කරල මේ කාරණා සම්පුර්ණ වෙන හැම කීවර්ඩ් එකක්ම යොදාගෙන තවත් ලිස්ට් එකක් හදාගන්න. ඒක ඕන වෙනව අපේ ඊ ලග ස්ටෙප් එකට.
මම අදට මේ ලිපිය මෙතනින් නතර කරනව. මම දැනට වචන 2592ක් ලියල තියෙනව ඔයාට මේ ටික කියල දෙන්න. මේක කියවල ඔයාව කම්මැලි කරන්න මට ඕන නෑ. ඒ නිසා අදට මේ ඇති.
ඉතින් අද මම ඔයාට දෙන වැඩේ තමයි ඔයා ඊලග පාඩමට එන්න කලින් ලිස්ට් දෙකක් හදන්න ඕන ඇමසන් නිච් සයිට් එහෙකට. පළවෙනි ලිස්ට් එක තමයි Seed Keywords 50 List (Seed Keywords 50ක් හොයල ලිස්ට් එකක් හදන්න. ඒක එක්සෙල් ෆයිල් එහෙක සව් කරන්න) දෙවනි ලිස්ට් එක තමයි Buying Intent Keyword List එක. මේක හදන්න ගූගල් කීවර්ඩ් ප්ලැනර් එක යූස් කරන්න. මම කියල දුන්න විදියට කරන්න. තව දෙයක් තමයි ඔයාට අලුත් දෙයක් අත්හදා බලන්න හිතුනොත් ඒක කරන්න. බය වෙන්න එපා.
මේ දුන්න වැඩේ කරන්නෙ නැතුව මාත් එක්ක එකතු වෙලා වැඩක් නෑ. ඔයාට මේ ස්ටෙප් එක ස්කිප් කරල ඉස්සරහට යන්න බෑ. ප්‍රශ්ණ තියෙනවනම් ස්කයිප් හෝ Contact Foam එක හරහා අහන්න. මගේ ස්කයිප් ID එක NeymarJay . තව දෙයක් කියන්නම ඕන. කමෙන්ටුවක් දාන්න මොනව හරි දෙයක් මගෙන් ඉගෙන ගත්තනම්. අනික කමෙන්ට් කරන අය අතුරින් දෙන්නෙක්ව මම සම්බන්ධ කරගන්නව මගේ මුල්ම පොඩ්කාස්ට් එකට. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාට සුභ දවසක්. මේ පෝස්ටුව ශෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ සහයෝගය මතයි මම මේක තවදුරටත් කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ…
P.S : SERP* – Search Engine Results Page
P.P.S : මේ පෝසට් එකෙන් මම අපේ Keyword Research Process එකේ පළමු ස්ටෙප් දෙක ගැන කථා කරා. ඊලග ස්ටෙප් වලට යන්න කලින් ඔයා මම කියපු ලිස්ට් දෙක හදාගෙන ලෑස්ති වෙලා ඉන්න.
Comments
Post a Comment