Starting Blog : ඔයාගේ බ්ලොග් අඩවිය පටන්ගන්න කලින් කල යුතු දේවල් පහළොවක් !

හොදයි මිත්‍රයා, කොහොමද ඔයාට? මේක තමයි මගේ පළවෙනි බ්ලොග් පෝස්ට් එක. මම හිතන්නෙ ඉස්සරහට ඔයාට ගොඩක් දේවල් කියල දෙන්න මට පුලුවන් වෙයි. ඒක මගේ පොරොන්දුවක්. ඔයා සමහරවිට මාව නොදන්නව ඇති. ඔයා මේ බ්ලොග් එකට ආපු පළවෙනි දවසනම් මම ඔයාට ආරාධනා කරනව මෙතනින් ගිහින් මම ගැන පොඩ්ඩක් කියවන්න කියල. ඒක උදවුවක් වෙයි අපි දෙන්නගේ යාලුකම ඉස්සරහට ගෙනියන්න. කැමතිනම් මෙතනින් ගිහින් මාත් එක්ක සම්බන්ද වෙන්නත් ඔයාට පුළුවන්. ඉතින් මට කියන්න අමතක උනානෙ. අද මම ඔයාට කියල දෙන්න යන්නෙ අන්තර්ජාලය හරහා මුදල් උපයන්න අපි දෙන්නා යන මේ ගමනේ පළමු පියවර වලින් එකක්. ඇත්තටම මේක බේසික් පාඩමක්. බේසික් කිවුවට ඇඩ් ක්ලික් ගැනවත් මයික්‍රො ජොබ්ස් ගැනවත් මම කියල දෙන්නෙ නෑ. මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ ගොඩක් අරමුණු ඇතිව. මම ඔයාව මාසිකව $1000ක් උපයන මට්ටමට ගේන්න උත්සහ කරනව. හැබැයි ඔයාගේ කැපවීම තියෙන්න ඕන. අපි බලමුකෝ ඉස්සරහට නේද මිත්‍රයා?
හරි මුලින්ම කියන්න ඕන දේ තමයි මම අද ඔයාට කියල දෙන්න යන්නෙ බ්ලොග් එකක් පටන් ගන්න කලින් (Before Starting Blog) ඔයා මොනවද කරන්න ඕන කියල. ඇත්තටම ඔයාගෙයි මගෙයි මේ ගමනේ මුලිකම දෙයක් තමයි Starting Blog කියල කියන්නෙ. මොකද අපේ සම්පුර්ණ යාන්ත්‍රණය රැදිල තියෙන්නෙ Blogging, AdSense සහ Amazon Affiliate Marketing මත. මම සහ ඔයා මාසෙකට $1000ක් හොයන්න යන මේ ගමන පටන් ගන්නෙ බ්ලොග් එකක් පටන් ගන්න තැන ඉදල. ඉතින් මේක බේසික් ස්ටෙප් එකක් උනත් වැදගත් ස්ටෙප් එකක්. එහෙනම් අපි බලමු මොනවද අපි කරන්න ඕන කියල.

Starting Blog

Starting Blog කියන්නෙ ලේසි දෙයක් කියලයි ගොඩක් දෙනා හිතාගෙන ඉන්නෙ. ඇත්තටම බ්ලොග් එකක් පටන් ගන්න එක ලේසිද? ඔව් නේද? Blogger.Com එකට හෝ WordPress.Com එකට ගියා විනාඩි 5න් බ්ලොග් එකක් පටන් ගත්ත. කොච්චර ලේසිද. ඒත් දන්නවද ඊට පස්සෙ මොකද්ද කරන්න ඕන කියල? ගොඩක් දෙනා හිරවෙන තැනක් තමයි ඕක. බ්ලොග් එකක් පටන් ගත්තට ඒකට දාන්න ඕන මොනවද, ට්‍රැෆික් ගන්නෙ කොහෙන්ද, සල්ලි හොයන්න මොකද්ද කරන්න ඕන කියල කිසිම සැලැස්මක් නෑ. ගොඩක් දෙනා අනිත් අය කරන නිසා හෝ කරන්න කියන නිසා පටන් ගන්නව ටෙච් බ්ලොග්. ඒත් අන්තිමට ට්‍රැෆික් නැතුව ෆේක් FB Account හදාගෙන කෙල්ලන්ගේ Sex පොටෝ දාල තමන්ගේ බ්ලොග් එක ශෙයා කරනව. ට්‍රැෆික් එකක් ලැබුනත් ඒකේ කිසි කොලිටි එකක් නෑ. එන අය එන්නෙ කෙල්ලව බලන්න. වෙන දෙයක් තියෙන්නෙ කියල දැක්ක ගමන් ආපහු හැරිල යනව. එතකොට බවුන්ස් රේට් එක වැඩි වෙනව. අන්තිමට අර තිබ්බ පු#ත් ඇහිරිච්චි 😛 වගේ තමා…නොදැනුවත් කම නිසා අපේ කොල්ලො ගොඩක් දේවල් අනා ගන්නව. ඒකෙන් වැඩක් නෑ දැන් අපි බලමු මොනවද අපි කරන්න ඕන කියල.

01 . Pick a profitable niche.

මොක්ද මේ නිච් එකක් කියන්නෙ? ඇත්තටම නිච් එකක් කියන්නෙ අපිට ඉස්සරහට ගොඩක් වැදගත් වෙන දෙයක්. නිච් එකක් කියල කියන්නෙ යම් කිසි මාතෘකාවක් වගේ දෙයක්. උදාහරණයකට ක්‍රිකට් කියන්නෙ නිච් එකක්. එතකොට Batting Technique කියල කියන්නෙ සබ් නිච් එකක්. Cricket කියන නිච් එක ඇතුලෙ තමයි Batting Technique කියන නිච් එක තියෙන්නෙ. ඉතින් අපි කරන්න ඕන දේ තමයි ප්‍රොපිටබල් නිච් එකක් හොයාගන්න එක. කොහොමද නිච් එකක් හොයාගන්නෙ කියල මම ඊලග පාඩමෙන් කියල දෙන්නම්. දැනට මම හිතන්නෙ ඔයාට දල අදහසක් ඇති නිච් එකක් ගැන. ප්‍රොපිටබල් නිච් එකක් හොයාගන්න එක පහසු දෙයක් නෙමෙයි කියන තරම්. ඔයාට ක්‍රමය මම ඉදිරි පාඩමේදි කියල දෙනව. අපේ මෙම්බර්ශිප් එකක් ගත්තොත් හැම මාසෙකදිම ප්‍රොපිටබල් නිච් හතරක් ලබාගන්න පුලුවන්. දැනටනම් අපි මෙම්බර්ශිප් එක පටන් අරගෙන නෑ. පටන් ගත්තම මම මුලින්ම ඔයාට කියන්නම්කො.
අත්තටම ටෙච් කියන්නෙත් යම් ආකාරයකින් නිච් එකක් තමයි. ඒත් ඒක ගොඩක් තරගකාරී. ඒකයි ගොඩක් දෙනා ෆේල් වෙන්නෙ. ඇත්තටම වටින්නෙ නිච් එකක් නෙවෙයි. සබ් නිච් එකක් හෝ මයික්‍රො නිච් එකක් තමයි අපිට වටින්නෙ. ටෙච් කියන නිච් එකේ සබ් නිච් එකක් තමයි ඇන්ඩ්‍රොයිඩ් කියල කියන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන මයික්‍රො නිච් එකක් තමයි ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් කියන්නෙ. ඉතින් මේ විදියෙ විවිධාකාර නිච්,සබ් නිච් අතරන් ප්‍රොපිටබල් නිච් එකක් හොයාගන්න හැටි අපි ඊ ලග පාඩමින් බලමු.

02 . Choose your blogging platform.

හම්මේ ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමයි මේතනදි අපි බොහොම ප්‍රෙව්සම් වෙන්න ඕන. මම රෙකමන්ඩ් කරන්නෙ Self Hosted Blogging Platform විතරයි. උදාහරණයකට WordPress.Org හෝ Joomla.Org වගේ ඒව තමයි මම රෙකමන්ඩ් කරන්නෙ. බ්ලොගර් වගේ පැලැට්ෆෝම් වල බ්ලොග් හදන්න හිතන්නවත් එපා. මොකද ඔයාගේ බ්ලොග් එක කස්ටමයිස් කරගන්න ගියාම හරි කරදරයි. ඔයාගේ බ්ලොග් එක ඔයාගේ පාලනයකින් තොරවයි තියෙන්නෙ. අනික එයාලට ඕන වෙලාවක අයිතිය තියෙනව දැනුම් දීමකින් තොරවම ඔයාගේ සයිට් එක ඉවත් කරන්න.
මගේ පළමු තේරීම තමයි වර්ඩ්ප්‍රෙස්. දැන් සමහරු කියාවි ඩොමේන් අරන් හොස්ටින් අරන් ඕව කරල තිබ්බ සතෙත් නැති වෙයි කියල. ඒත් ඔයා ඒව හිතන්න එපා. මම කියන විදියට කරනවනම් කැපවීමෙන් ඔයාට මේ ගමන යන්න පුලුවන්. අනික කවුරුහරි හිතනවනම් හොස්ටින් ඩොමේන් නැතිව ෆ්‍රී හොස්ටඩ් සයිට් එකක් යූස් කරල අපේ ඉලක්කයට යන්න ඒක හීනයක් තමයි. පොඩි ගානක්වත් වියදම් නොකර අපේ ටාර්ගට් එකට යන්න බෑ.
මගේ පළමු CMS තේරීම වර්ඩ්ප්‍රෙස් වගේම තමයි ඩොමේන් ගන්න මම භාවිතා කරන එක සහ එකම සයිට් එක NameCheap.Com. මම බය නැතිව රෙකමන්ඩ් කරනව ඔයාලට මේ සයිට් එක. එයාලගෙන් ලැබෙන වාසිත් ගොඩක් තියෙනව. හොස්ටින් ගැන කථා කරොත්නම් මගේ පළමු තේරීම EezPal.Com තමයි. ලංකාවෙ මට හම්බුන හොදම සහ සුපිරිම වෙබ් හොස්ටින් සර්විස් එක තමයි මේ. ඇත්තටම සහනදායි මිලට ඔයාගේ සයිට් එක හොස්ට් කරන්න පුලුවන්. Customer Service එකත් හොදම මට්ටමක තියෙනව. කියන්න ඔන වැදගත්ම දේ තමයි අනිත් ලංකාවෙ ඉන්න හොස්ටින් පොරවල් වගේ නෙවෙයි මෙයාල. EzzPal අය ලග තියෙන්නෙ රී සෙලර් හොස්ට් එකක් නෙවෙයි. එයාල ඩෙඩිකේටඩ් සර්වර් එකක් කොටස් කරල තමයි අපිට සර්විස් දෙන්නෙ. අන්න ඒ හේතුව නිසයි මම එයාලව රෙකමන්ඩ් කරන්නෙ. මොකද ඩවුන් ටයිම් අවමයි. 99.99% අප්ටයිම් එකක් තියෙනව.

03 . Choose a memorable and branded domain.

ඩොමේන් එකක් තොරගන්නව කියල කියන්නෙ තවත් වැදගත් දෙයක්. අපි හිතමු ඔයා Content Marketing නිච් එක තෝරගත්ත කියල. දැන් ඔයා වෙබ් එකට නමක් දාගන්න ඕන. ඔතනදි ඔයාගේ මේන් කී වර්ඩ් එකම නම විදියට යොදාගන්න පුලුවන්නම් ගොඩක් හොදයි. උදාහරණයකට ContentMarketing.Com වගේ. නමුත් ඔය වගේ ඩොමේන් දැන් හොයන්නවත් නෑ.
අපි මේ හැම දේම එකින් එක කථා කරනව ඊලග පාඩම් වලින්. දැනට පොඩි විස්තරයක් විතරයි මම කියන්නෙ. මම දැක්ක තැනක කෙනෙක් කියල තියෙනව ඔයාල ඩොමේන් ගනිද්දි තමන්ගෙ නමින් ගන්න එපා කියල. උදාහරණයකට JayNeymar.Com කියන එක හරි නෑ රැන්ක් කරන්න බෑ වගේ කතාවක් තමයි එයා කියල තිබුනෙ. නමුත් ඒක වැරදි කථාවක්. අපිට අපේ නමින්ම ඩොමේන් ගන්න එක හොද වෙන අවස්ථා තියෙනව.
මෙහෙම හිතමුකො. ඔයා තෝරගත්ත නිච් එක Content Marketing. දැන් ඔයාට ඕන Content Marketing Consultant කෙනෙක් විදියට රැන්ක් වෙන්න. ඔයාට ඕන ඔයාවම බ්‍රැන්ඩ් කරන්න. එතකොට ඔයාගෙ නමින්ම ඩොමේන් එකක් තියෙන එක පට්ට වැදගත්. ඩොමේන් එකක් තෝරගනිද්දි ගැලපෙන එකක් තෝරගන්න. ඒ වගේම හයිපන් එහෙම තියෙන ඒව තෝරගන්න එපා.

04 . Install a premium theme from the likes of Studiopress or ThemeForest.

මම ගොඩක් වෙලාවට ThemeForest Use කරනව. මොකද ගොඩක්ම ලේසි නිසා. ඔයා ෆ්‍රී තීම් එකක් යූස් කරන්න හිතනවනම් ඒ ගැන දෙපාරක් හිතන්න. ඒක එච්චර හොද අදහසක් නෙමෙයි. ඔයාලට සියලුම Elegant Themes යූස් කරන්න පුලුවන් ෆ්‍රී. හැබැයි ඒකට අපේ සයිට් එකේ සාමාජිකයෙක් වෙන්න ඕන. මෙම්බරශිප් එක පටන් ගත්තම මම ඔයාට කියන්නම්කො.

05. Add the basic pages like about, contact, terms and conditions, privacy policy and earnings disclaimer.

මේකනම් අතිශයින් වැදගත්. අපේ අයගේ ගොඩක් නැත්තෙත් මේව. ඔයා දැකල ඇති අපේ බ්ලොග් එහෙක මේ පේජස් තියෙන්නෙ කලාතුරකින්. ගොඩක් දෙනා මේ දේවල් වල වටිනාකම දන්නෑ. එහෙම නැත්තන් දැනගත්තත් ගානකට ගන්නෙ නෑ. අපි මේ දේවල් ගැන සවිස්තරාත්මකව ඉදිරි පාඩම් වලදි කථා කරමු. ඒක නිසා අපේ සයිට් එක බුක්මාර්ක් කරල තියාගන්න අමතක කරන්න එපා. බේසික් පාඩම් ටික ඉවර උන ගමන් අපි පටන් ගන්නව අපේ $1000 චැලේන්ජ් එක.

06. Install a security plugin to avoid being hacked.

කියන්න ඕන නෑනේ මේ ගැනනම් නේද? ඒ නිසා සිකුරිටි එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන් ඔයාගේ සයිට් එක ලංකාව ටාර්ගට් කරල කරන එකක්නම්. මම ඒකෙන් අදහස් කරේ ලංකාවෙ සුපිරි හැකර්ල ඉන්නව කියන එක නෙවෙයි. ඒත් මේ කොහෙන් හරි පොඩ්ඩක් ඉගෙනගෙන ආපු වසු පැටවු හරි ෆන් එකක් ගන්නව ඩීඩෝස් ඇටැක් එහෙම කරල. අපේ එවුන් කවද හැදෙන එවුන්ද දන්නෑ 😛

07 . Install Google Analytics to track and test your traffic.

අනිවාර්‍යන් කරන්න ඔනම දෙයක්. මොකද බ්ලොග් එක කරගෙන යද්දි ඔයාලට ඔයාලගේ සයිට් එකේ තත්වය බලාගන්න මේක අත්‍යාවශයි. දෙයක් කියන්න අමතක උනා. අපේ මෙම්බර්ස්ලට අපි iThemes Security Plugin එක ෆ්‍රී දෙනව. හැබැයි පැලැටිනම් ලෙවල් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න ඕන.

08 . Create 3-5 pieces of launch content so your visitors have something to read on launch day.

ඔයාගේ සයිට් එක ලෝන්ච් කරද්දි ඒකේ අනිවා පෝස්ට් දෙක තුනක්වත් ඕන. මොකද නැත්නම් ඒකෙ තේරුමක් නෑ. එන හැම විසිටර්ම හැරිල යනව වගේම ඒ විසිටර් ආයේ කවදාවත් ඔයාගේ සයිට් එකට එන්න හිතන්නෙ නෑ.ඒක නිසා මුල් දවස වෙනුවෙන් පෝස්ට් දෙක තුනක් අත්‍යාවශයි.

09 . Write up 50 potential blog post ideas and work out a content strategy and schedule.

අයිඩියා 50ක් විතර ලිස්ට් කරගන්න. මම මේ දවසේ මේ පෝස්ට් එක දානව. ඊලග දවසට මේ පෝස්ට් එක දානව. එහෙම එහෙම කියල ඔයා ස්ටෙප්ස් හදාගන්න. මේව කරන හැටි අපි ඉදිරියේද් විස්තර ඇතිව කතා කරනව. ගොඩක් දෙනාට තියෙන ගැටළුවක්නෙ ලියන්න දේවල් නැතිකම. අපි ඒකට විසදුමක් ඉස්සරහට කථා කරමු. දැනට එකක් කියන්නම්. යන්න http://buzzsumo.com/ සයිට් එකට. ගිහින් ඔයාගේ නිච් එකට අදාල කී වර්ඩ් එකක් සර්ච් කරන්න. එහෙම කරල බලන්න මොනාද ප්‍රසිද්ධම පෝස්ට් කියල. පස්සෙ ඒ දෙක තුනක් එකතු කරල ඔයාගෙම නව නිර්මාණයක් හදාගන්න.

10 . Do keyword research.

අපි සයිට් එක පටන් ගනිද්දිම නිචේ එකට අදාල කී වර්ඩ් රිසර්ච් එකක් කරන්න ඕන. අපේ මෙම්බර්ස්ලට අපි නොමිලයේ කී වර්ඩ් රිසර්ච් කරල රිපෝට් එකක් දෙනව. ඉතින් මෙතනදි අපි කියන්නෙ කලින් කිවුව දේ නෙමෙයි. මෙතනදි හොයන්න ඕන මේන් කි වර්ඩ් නෙමෙයි. මේන් කීවර්ඩ් එකට අදාල රෙලවන්ට් කී වර්ඩ් තමයි අපි මෙතනදි හොයන්න ඕන. කී වර්ඩ් රිසර්ච් කරන හැටි අපි ඉස්සරහට ඉගෙනගමු. මේ සයිට් එක බුක්මාර්ක් කරල තියාගන්නකෝ.

11 . Create images for blog posts or buy stock images

මිනිස්සුන්ගේ මනසට වචන වලට වඩා රූප යනව. ඒ නිසා බ්ලොග් එහෙකට රූප කියන්නෙ වැදගත් දෙයක්. ඔයාට පුලුවන්නම් ඔයාම හදාගන්න. නැත්තන් ස්ටොක් ඉමේජස් බයි කරන්න. මමනම් කියන්නෙ ඔයාම හදාගන්න කියල. බලන්නකෝ මේ පෝස්ට් එකේ උඩ තියෙන ඉමේජ් එක. ඒක මම හදාගත්ත එකක්. සල්ලි වියදම් වෙන්නෙත් නෑ.

12 . Work out where your target audience hang out online so you know where to get traffic.

මෙන්න තවත් වැදගත් දෙයක්. ට්‍රැෆික් නැත්තන් බ්ලොග් එකකින් වැඩක් නෑ. ට්‍රැෆික් ෆ්‍රී ගන්න පුලුවන් හොදම තැන් තමයි ෆෝරම් කියන්නෙ. ඉතින් ඔයාගේ නිච් එකට අදාල ෆෝරම් වල රෙජිස්ටර් වෙලා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් වෙන්න. තව හොදම තැනක් තමයි ඔයාගේ නිචේ එකේ අය හොයාගන්න Reddit කියන්නෙ. අනිත් හොදම තැන TwitterFacebook Group.

13 . Create a monetization plan BEFORE you launch and implement from day 1 – I recommend affiliate marketing.

පළවෙනි දවසේ ඉදලම ඔයාට තියෙන්න ඕන ප්ලැන් එකක් කෙහොමද මම මුදල් උපයන්නෙ කියන එක ගැන. ක්‍රමයක් විදියට මම ඉහලින්ම රෙකමන්ඩ් කරනව ඇෆිලේට් මාර්කටින්. මොකද තමන්ගෙම සේවාවක් හෝ භාණ්ඩයක් අලෙවි කිරීමට අමතරව තියෙන හොදම ක්‍රමය තමයි ඇෆිලේට් මාර්කටින්. මේව ගැන අපි ඉස්සරහට කථා කරමු. විශේෂයෙන් මාර්කටින් ප්ලෑන් ගැන.

14 . Start networking with others in your niche before you even launch – comment on their blogs, share their content, feature them in posts.

තරග කරුවන් කියන්නෙ හතුරොද? ඇත්තටම නෑ. අපේ අය ගොඩක් වරද්ද ගන්න තැනක් තමයි මේ. තරගකරුවන් කියන්නෙ හතුරෝ නෙවෙයි. එයාල තමයි නියම මිතුරන්. එයාලව මිතුරු කරගත්තොත් ඔයාල දෙන්නටම වින් වින් සිටුවේශන් එහෙකට යන්න පුලුවන්. ඒ නිසා නිතරම තමන්ගෙ නිච් එකට අදාල සයිට් වලට බැක් ලින්ක් දෙන්න. ඒයාලගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න. වැදගත් පුද්ගලයන් අවුට්රීච් කරන්න. ඒව කරන හැටි අපි ඉදිරියේදී ඉගෙනගමු.

15 . Have your email list ready to go from day 1 and make it the sole focus of your blog.

අතිශයින් වැදගත්ම කොටස මේක තමයි. සේල්ස් ෆනෙල් එකක් ගොඩ නැගෙන්නෙ මේ මත. ඇත්තටම අපේ මුලු ක්‍රියාදාමයෙන් 75% රදා පවතින්නෙ ඊ මේල් ලිස්ට් එක මත. ඒක නිසා ඊ මේල් ලිස්ට් එකක් බොහොම වැදගත්. අපි මේ ගැනත් ඉගෙනගමු ටිකෙන් ටික. විශේෂයෙන් කොහොමද හොදම සබ්ජෙක්ට් ලයින් එකක් ලියන්නෙ වගේ දේවල් අපි ඉගෙන ගමු. ෆ්‍රි සර්විස් එහෙකට යනවනම් MailChimp තමයි හොදම. මම නම් නිර්දේශ කරන්නෙ Aweber තමයි. ඒකට ගොඩක් හේතු කියෙනව. මම ඒව ඉස්සරහට ලගදිම කියල දෙන්නම්.
ඔන්න යාලුව මට දැන් යන්න වෙලාව හරි. මතකනෙ අපි මේ බේසික් වලින් පස්සෙ $1000 චැලේන්ජ් එක පටන් ගන්නව. ඒක නිසා මේ සයිට් එක බුක්මාර්ක් කරල තියාගන්න අමතක කරන්න එපා. අනිත් එක මොනව හරි දෙයක් ඉගෙන ගත්තනම් කමෙන්ටුවක් දාන්න. ඔයාලගේ අදහස් අනුව තමයි මම ඊ ලග ලෙවල් එකට යන්නෙ. මේ පෝස්ටුව ශෙයා කරන්නත් අමතක කරන්න එපා හොදද මිත්‍රයා. එහෙනම් ඔයාට සුභ දවසක් !

Comments

Popular posts from this blog

කොහොමද හොද Keyword එකක් හොයාගන්නෙ

Wordpress Theme | ඇෆිලේට් සයිට් වලට හොදම තීම්ස් 7ක්