කොහොමද හොද Keyword එකක් හොයාගන්නේ – Part 2
කොහොමද යලුව? ඔන්න මම අද ඔයාට කියල දෙන්න යන්නේ අපි මීට කලින් කථා කර Keyword Research එක ගැන. මේ ඒ පෝස්ට් එකේ දෙවනි කොටස. ඔයාල ඒ පෝස්ට් එක බැලුවෙ නැත්තන් මේ ලින්ක් එකෙන් ගිහින් ඒක බලන්න. නැත්තන් මම අද කියන ඒව මැල්ලුම් වගේ තියේවි. හැබැයි දෙයක් කියන්න ඕන. Keyword Research පෝස්ට් එක කලින් කියවල ඒකෙ තියෙන දේ කරේ නැත්නම් ඔයාට අද පෝස්ට් එක වැඩක් වෙන්නෙ නෑ.
මේ තියෙන්නෙ පළවෙනි Keyword Research පෝස්ට් එකේ ලින්ක් එක :http://marketingeggs.com/keyword-research/
හරි දැන් ඔයාල Seed Keywords එහෙම හොයාගෙන ඇති නේද? මට ගොඩක් මැසේජස් එහෙම ආව ඒ ගැන අහල. මම පුලුවන් විදියට හැමෝටම උත්තර දුන්න. මට ටිකක් ටයිම් ගැන ප්‍රශ්ණයක් තියෙනව දැන්. අපිට ටිකක් වැඩ වැඩී. ඒ නිසා දැන් ගොඩක් වෙලාවට මම ඔන්ලයින් එන්නේ ටිකක් රෑ වෙලා. ඒ නිසාම තමයි මේ පෝස්ට් එක දාන්න පරක්කු උනෙත්.
හරි මම අද කියල දෙන්න යන්නෙ කොහොමද ඔයාල හොයාගත්ත Seed Keywords යොදාගෙන මාර්කට් කරන්න පුලුවන් Keyword එකක් හොයාගන්නෙ කියල. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මම මේකට ප්‍රිමියම් ටූල් එකක් භාවිතා කරනව. ගොඩක් දෙනා ගාව මේක නෑ මම දන්නව. ඒත් අද මම කියල දෙන්නෙ ඒක යූස් කරන හැටි තමයි. මොකද ඔයාලට ෆ්‍රී ට්‍රැල් එකක් ගන්න පුලුවන් දවස් 10කට. හැබැයි එක විශේශාංගයක් අඩුවෙන්. ඒ අඩුවෙන් ලැබෙන කොටස අපි මැනුවලි හදාගමු.
Analyze Competition Of Selected Keyword
Long Tail Pro කියන ටූල් එක තමයි අද අපි මේ වැඩේට යූස් කරන්නෙ. Long Tail Pro කියල ගූගල් සර්ච් කරන්න. මුලින්ම එන රිසාල්ට් එක ක්ලික් කරාම එන සයිට් එකෙන් ෆ්‍රී ට්‍රැල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. මේ ටූල් එකේ තියෙන විශේශත්වය තමයි ගොඩක් තරගකාරී නිච් එහෙක වුනත් තරගය අඩු කී වර්ඩ් එකක් හොයාගන්න අපිට මේක භාවිතා කරන්න පුලුවන්. මම නම් කියන්නෙ ඔයා ඉස්සරහට යන්න හිතන් ඉන්නවනම් සල්ලි ගෙවල මේක ගන්න. පාඩුවක් වෙන්නෙ නෑ ඒකෙන් කවදාවත්.
මුලින්ම මේක ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරන්න. එතකොට ඔයාට ඒවි මෙන්න මේ වගේ වින්ඩෝ එකක්. දෙයක් කියන්න අමතක උනා ඔයාට මේක පාවිච්චි කරන්න ගූගල් එකවුන්ට් එකක් සහ Moz Site එකේ එකවුන්ට් එකක් ඕන. ඒව ෆ්‍රී හොදද. Moz Site එකට ගියාම මතක ඇතුව එයාලගේ ටූල් බාර් එකත් ඩවුන්ලෝඩ් කරගන්න. ඒක අමතක කරන්න එපා. මොකද ඉස්සරහට අපිට ඒක ඕන වෙනව.

මුලින්ම Plus Mark Click කරන්න. එතකොට Pop Up Window එකක් එනව. එතන ඔයාගේ ප්‍රොජෙක්ට් එකට නමක් දීල Country එක United States දෙන්න. ඊට පස්සේ ඕකේ කරන්න. එතකොට මෙන්න මෙහෙම වින්ඩෝ එකක් ඒවි.

එතන ඔයා හොයාගත්ත සීඩ් කීවර්ඩ් දෙන්න. අපිට සීඩ් කීවර්ඩ් හොයන්නත් මේ ටූල් එක යූස් කරන්න පුලුවන්. ඒත් ඒකට ගූගල් යූස් කරන්න. එක හේතුවක් තමයි මේ ටූල් එකේ අලුත් වර්ශන් එක ටිකක් ස්ලෝ. අනික අපි පුරුදු වෙන්න ඕන මේ වගේ ටූල් නැතිව අපිට ෆ්‍රී ලැබෙන ටූල් යූස් කරන්න. එතකොට වියදමක් නැතිවම වැඩක් කරගන්න පුලුවන්.
මම ඔය රතු පාටින් කොටු කරල තියෙන තැන් විශේශයෙන් බලන්න. ඔයාගේ Keywords දාලා “Generate Keywords & Fetch Data” බටන් එක ක්ලික් කරන්න. එතකොට එයා එයාගේ වැඩ කොටස කරාවි. ඊට පස්සෙ ඔයාට රිසාල්ට් පේජ් එකක් ඒවි. එතනින් අපිට පුලුවන් හොද කී වර්ඩ් ටිකක් හොයාගන්න. Free Trial එකෙන් KC එක නම් බලන්න බෑ. මම අපේ පළවෙනි පොඩ්කාස්ට් එකෙන් කියනව කොහොමද මැනුවලි KC එක හොයාගන්නෙ කියල. ඒක නිසා දිගටම අපිත් එක්ක රැදිල ඉන්න. මම දැනට මේක පැහැදිලි කරගෙන යන්නම්. පොඩ්කාස්ට් එක එනකන් ඉන්න බෑ කියල හිතෙනවනම් ගූගල් එකේ ඔයාගේ කීවර්ඩ් සර්ච් කරල බලන්න ඔයාගේ තරගකරුවන් මොන වගේ අයද කියල.
කියන්න අමතක උනා අපි මෙතන රට විදියට අනිවා ඇමරිකාව තෝරගන්න ඕන. මොකද ඇමසන් එකේ ආදායමෙන් භාගයකට වඩා ලැබෙන්නේ ඇමරිකාවෙන්. මම ඒ ගැන මීට කලින් දාපු Keyword Research පෝස්ට් එකේදිත් කිවුව. මතක ඇති ඔයාට.
ඔයා මගේ පළවෙනිම පෝස්ට් එක කියවල බැලුවද? : http://marketingeggs.com/starting-blog/
KC එක 30ට අඩුයි කියල කියන්නෙ හොදයි. KC එක 25ටත් වඩා අඩුයිනම් පට්ටයි. සමහර වෙලාවට KC එක ඍණ අගයන් එනව. ඒ වෙලාවට Re Calculate කරන්න. ඒ වැරදීම් වලින් එන ඒව. එහෙම ඍණ අගයන් එන කී වර්ඩ් මේ ලෝකේ ඉතිරිවෙලා නෑ. අපේ නම ගැහුවත් 5,6ක් එනව KC එක.
ඔයාල ගූගල් එක යූස් කරල KC එක ගැන හොයනවනම් මුලින් එන සයිට් වල Page Authority, Domain Authority, Trust Flow, Citation Flow, Back link Profile, Juice Pages වගේ දේවල් හොයන්න ඕන. ඔයා සමහරවිට හිතාගෙන ඉන්න ඇති මේක ලේසි වැඩක් කියල. නෑ ඇත්තටම මේක ලේසි වැඩක් නෙමෙයි. ලේසියෙන්ම අච්චර හොයන්න මෙච්චර හොයන්න කියල බොරු කරන්න ඕන නෑ මට. Keyword Research කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මොනම Research එකක් උනත් ලේසි නෑ. ඒකනේ ඒකට Research එකක් කියල කියන්නේ නේද?
How To Determine What Is Low Competitive Keyword?
Keyword Research එකක් අමාරු උනත් අපිට ඒක ලේසියෙන් කරගන්න පුලුවන් මේ LTP එක හරහා. ඒකයි මම මේ ටූල් එක නිර්දේශ කරන්නෙ. අනික මම පාවිච්චි නොකරන කිසිම දෙයක් රෙකමන්ඩ් කරන්නෙ නෑ. දැන් ඔයා ෆ්‍රී ට්‍රැල් එකෙන් මේක කරන්න. අපිට ප්‍රිමියම් ඒව නෑනේ කියල වැඩේ අතාරින්න එපා. ඔයා ඔයාට ආපු රිසාල්ට් අතරින් එකක් උඩ ක්ලික් කරොත් ඔයාට බලන්න පුලුවන් ඒ කීවර්ඩ් එකට අදාලව දැනට ගූගල් පළමු පිටුවෙ තියෙන සයිට් වල විස්තරයක්.
Page Authority, Web Site Name, Domain Authority, Site Age, Page Rank, වගේ විස්තර ඔයාට බලාගන්න පුලුවන්. හොදයි කියල හිතෙන කීවර්ඩ් එකක් හම්බුනොත් ඒක ෆේවරිට් ලිස්ට් එකට ඇඩ් කරගන්නත් ඔයාට පුලුවන්. දැන් ඔයාට තියෙන්නෙ ලැබිල තියෙන රිසාල්ට් වලින් හොදම සහ අඩුම තරගකාරීත්වයක් ඇති Keyword එකක් හොයාගන්න එක. ඒක කරද්දි අපි මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන.
- Competitor Keyword Target: හරියටම අදාල Keyword එකම එයාල යූස් කරල තියෙනවද කියල බලන්න. එයාල අදාල Keyword එකම යූස් කරලනම් ඒක හොද ලකුණක් නෙමෙයි. ටයිටල් වලට, එහෙමත් නැත්තන් ලින්ක් එකට අදාල Keyword එකම යූස් කරල තියනවනම් ඒක ටිකක් අමාරුයි. හැබැයි අපිට රැන්ක් වෙන්න බෑ කියල අදහස් වෙන්නෙ නෑ ඒකෙන්. මොකද මේක එක කාරණාවක් විතරක් නිසා. මම මේ කියන කාරණා හැම එකම හොදින් බලන්න. ඔයාගේ Keyword එක ඒ විදියටම යූස් වෙලානම් ඔයාට ඍණ ලකුණක් දාගන්න. එහෙම නැතුව ආසන්න වශයෙන් සමාන Keyword එකක්නම් යූස් වෙලා තියෙන්නෙ ධන ලකුණක් දාගන්න.
- Root Domain : ඔයාගේ තරගකරු අදාලKeyword එකම එයාගේ ඩොමේන් එක විදියට යූස් කරලනම් ඔයාට ආයෙත් ඍණ ලකුණක් ලැබෙනව. එහෙම නැත්තන් ධන ලකුණක් දාගන්න. සාමාන්‍යන් මම Keyword එක ඩොමේන් එකෙත් තියෙන සයිට් තුනකට වඩා ගූගල් පළමු පිටුවෙ තියෙනවනම් ඒ ගැන හිතන්නෙවත් නෑ. මොකද ඒකෙන් අදහස් වෙන්නෙ දැනටමත් ගොඩක් දෙනා ඒ Keyword එකට තරග කරනව කියන එක
- Weak Sites: මම කැමති දුර්වල සයිට් පළමු පිටුවෙ දකින්න. එහෙම සයිට් තියෙනවනම් ආයෙත් ධන ලකුණක් දාගන්න. මෙතන මම දුර්වල සයිට් කියල කියන්නෙ Pinterest, Forum, Yahoo Answers, Article Base, YouTube Video වගේ ඒව. මේවගේ Informational Site තියෙනව කියන්නෙ අපිට ගොඩක් හොදයි.
- Page Rank: අඩුම තරමින් සයිට් තුනක්වත් පේජ් රැන්ක් 0 නැත්තන් ආයෙත් ඍණ ලකුණක් දාගන්න. මොකද පේජ් රැන්ක් වැඩි සයිට් එක්ක තරග කරන්න අමාරුයි.
- Juice Page: මේක දහයට අඩු සයිට් තුනක්වත් අපේ තරගකරුවන් අතර තියෙන්න ඕන. සාමාන්‍යන් මට හම්බෙනව සමහර වෙලාවට Juice Page Link 300,400 තියෙන සයිට්. මම ඒ වෙලාවට දැක්කෙ නෑ වගේ වෙන Keyword එකක් හොයනව
- E-Commerce Sites: ඔයාගේ බයින් ඉන්ටෙන්ට් Keyword එකට මේ විදියේ සයිට් එනවනම් ඒකත් හොද දෙයක් නෙමෙයි. එහෙම එනවනම් වෙන Keyword Research එකක් කරන එක තමා හොදම දේ.
ඔයා හැම කාරණාවකටම ධන හෝ ඍණ ලකුණු දැම්ම නේද? අන්තිමට තියෙන්නේ ධන ද? ඍණ ද? ධන නම් ඔන්න ඔයා හොද Keyword එකක් හොයාගෙන. ඍණ තියෙනවනම් ආපහු මුල ඉදන් වෙන Keyword Research එකක් කරන්න. දැන් අපි ඊ ලග පියවරට යමු.
Find And Research Long Tail Keyword
දැන් ඔයා බලනව ඇති නේද මූ මේ මොනව කියනවද කියල. දැන් ආයෙත් Keyword හොයන්නලු… නෑ නෑ කලබල වෙන්න එපා. දැන් අපිට තියෙනවනේ අපේ Golden Keyword එක. දැන් අපි හොයන්න ඕන ඒකට අදාල වෙනත් Keyword තමයි. මොකද ඒක අතිශයින් වැදගත් වෙනව. මෙතනදි හොයාගන්න Keyword වලට අදාලව තමයි අපි ලිපි ලියන්නෙ.
ගූගල් මාමා කැමති ගොඩක් හොද ලිපි තියෙන සයිට් වලට. සාමාන්‍යන් මම විදි 3කට පෝස්ට් ලියනව මගේ සයිට් වලට.
- Review Content
- Product Lists
- Resources
මේ වෙනුවෙන් ඔයත් Keyword හොයාගන්න ඕන. මගෙන් කෙනෙක් ඇහුව මගේ සයිට් එකක ලින්ක් එකක් එවන්න පුලුවන්ද කියල ඒ ගැන අදහසක් ගන්න. මම සාමාන්‍යන් ඒක කරන්නේ නෑ. කොහොම උනත් මතක් උන වෙලාවේ දෙයක් කියන්න ඕන. අපි චැලේන්ජ් එක පටන් ගනිද්දි මමත් ඔයා එක්කම සයිට් එකක් හදනව. ඒ සයිට් එකේ ලින්ක් එක මම ඔයාට දෙනව. ඒක එතකොට ෆලෝ කරන්න ඔයාට පුලුවන්.
දැන් මම කිවුවනේ අපි Keyword හොයන්න ඕන කියල තව. අපි රිවීව් පෝස්ට් වලට ඊට අදාල Keyword හොයාගන්න ඕන. උදාහරණයකට හිතන්න ඔයා ඇපල් මැක් බුක් එකක් ගන්න යනව. ඔයාට ගන්න කලින් ඒ ගැන දැනගන්න ඕන. මොකද්ද ඔයා සර්ච් කරන්නේ?
Apple Mac Book Pro Review
එහෙම නේද? මේක Review Content වලට අදාල Keyword එකක්. ඔයාට පුලුවන් මේ පැටර්න් එක ෆලෝ කරන්න.
- Product Name + Review
- Product Name + Reviews
මේ විදියේ ඔයාගේ ගෝල්ඩන් Keyword එකට සමාන Review Content Keyword 10,15ක් හොයාගන්න. ඊ ලගට හොයාගන්න ඕන Product List වලට අදාල Keyword. ඒව මෙන්න මේ විදියයි.
Top Ten Tactical BackPack
ඔය වගේ Keyword වලින් අපිට පුලුවන් ලිස්ට් පෝස්ට් ලියන්න. ඔයාගේ මේන් Keyword එක යොදාගෙන Product List Keyword හොයාගන්න හොදම ටූල් එක තමයි KeywordTool.Io . ඔයාට ෆ්‍රී යූස් කරන්න පුලුවන්. හැබැයි ගෙවල ගන්න එක වාසි. නමුත් මම හරියටම මේ ගැන කියන්න දන්නෑ. මම ගෙවල යූස් කරල නෑ. මේකනම් මම යූස් කරන්නෙත් ෆ්‍රී වර්ශන් එක.
හරි දැන් අපි හොයන්න ඕන Resources Keyword. ඒව සාමාන්‍යන් මෙන්න මේ වගේ. මම මෙහෙම උදාහරණ දාන්නේ ඔයාට පැහැදිලි වෙන්න.
How To Use BackPack
ඔය වගේ පෝස්ට් එකක් වැටෙන්නේ රිසෝසස් එහෙමත් නැත්තන් Informational Keywords ගණයට. අපේ සයිට් එක කරගෙන යන්න අපිට මේ තුන් විදියෙම Keyword ගොඩක් ඕන. මොකද එකකින් බැරි උනත් අනිත් එකෙන් හරි රැන්ක් වෙන්න පුලුවන්. ඒ හන්ද නෙමෙයි ඇත්තටම අපිට මේ තරම් Keyword ඕන කරන්නෙ. පෝස්ට් ලියන්නයි Keyword ඕන වෙන්නෙ. මම මුලින්ම කිවුවනේ ගූගල් කැමති හොද පෝස්ට් තියෙන සයිට් වලට.
Long Tail Keywords Using SEMRush
ඔයාට මේ සයිට් එක යූස් කරන්නත් පුලුවන් ඔයාගේ තරගකරුවන් අධ්‍යනය කරන්න. මම වැඩිපුරම මේක යූස් කරන්නේ මගේ තරගකරුවන්ගෙන් හොරකන් කරන්න
මේක යූස් කරල අපිට පුලුවන් අපේ තරගකරුවන් යූස් කරල තියෙන Keyword හොයාගන්න. කිසි මහන්සියක් නැතුව Keyword 30,40ක් හොයාගන්න පුලුවන්. මම මේකනම් ගෙවල පාවිච්චි කරන්නේ. මොනව උනත් ඔයාට පුලුවන් ෆ්‍රී ට්‍රැල් එක යූස් කරන්න. මට මේක නැතුව බැරි ටූල් එකක්.
Finalizing Keyword
මුලින්ම මම කිවුවනේ. මේක සෙල්ලමක් නෙමෙයි. මේක අමාරු වැඩක්. හැබැයි මම මේ කියල තියෙන විදියට කරොත් ලේසියෙන්ම ඔයාට පුලුවන් හොද Keyword Research එකක් කරන්න. අපේ පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. මම ඒක ඉක්මනින් දාන්නම්. මම ඒකෙදි කියල දෙනව තව වැදගත් දේවල්. ඔන්න අදට මම කියල දුන්න කොහොමද මේ වැඩේ ඉවර කරන්නේ කියල. මේක ඉවර වෙද්දි ඔයාට හොද Keyword ටිකක් ලැබිල තියෙන්න ඕන. එහෙම නොලැබුනානම් ආයේ මුල ඉදන් කරන්න. කරල හොද Keyword එකක් හොයාගෙන එන්න ඊ ලග පෝස්ට් එක දාන්න කලින්. මොකද අපිට ඊ ලග ලෙවල් එකට යන්න Keyword එක හොයාගෙන ඉන්න ඕන.
මතක තියාගන්න හැමදේම දෙපාරක් චෙක් කරන්න. මේක වැරදුනොත් ඔයාගේ මුලු ප්‍රොජෙක්ට් එකම වැරදෙනව. ඒ හින්ද කිවුව විදියටම කරන්න. මෙන්න මේ කරුණු පිලිබද ගොඩක් සැලකිලිමත් වෙන්න.
Mandatory Metrics You Shouldn’t Avoid
- Domain Authority – 30ට අඩු සයිට් දෙකක්වත් මුල් 10 දෙනා අතරේ තියෙන්න ඕන
- Juice Pages – උඩ මම මේ ගැන කිවුව දේවල් අමතක කරන්න එපා
- Site Age – අවුරුද්දකට අඩු වයසක් තියෙන සයිට් දෙකක්වත් අවම වශයෙන් මුල් 10 දෙනා අතරේ තියෙන්න ඕන
Checking On-Page
- Content Length – මෙන්න මේක වැදගත් දෙයක්. අපි අපේ තරගකරැවන්ව අධ්‍යන කරද්දි අනිවා බලන්න ඕන දෙයක්. අනිත් එක තමයි අපි පෝස්ට් ලියද්දිත් සැලකිලිමත් වෙන්න ඕන මේ ගැන. ගොඩක් දිග පෝස්ට් ගූගල් රැන්ක් වීමේ සම්භාවිතාව වැඩියි. බලන්නකෝ පහළ තියෙන රූපය.

SerpIQ එකට අනුව ලෙන්ත් එක බොහොම වැදගත් රැන්ක් වෙන්න.
- User Experience – අපි සයිට් එක හදන්න ඕන ගූගල් ගැන විතරක් හිතල නෙමෙයි. අපි අපේ විසිටර්ල ගැනයි මුලින්ම හිතන්න ඕන. ඔයාගේ සයිට් එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට හදන්න අමතක කරන්න එපා. මම මෙතනදි කියන්න හදන්නේ තරගකරුවගේ සයිට් එකේ යූසර් ඒක්ස්පීරියන්ස් එක අධ්‍යන කරන්න.
- Social Share – Social Signals රැන්ක් වෙන්න ගොඩක් බලපානව. තරගකරුට සෝසල් සිග්නල්ස් ගොඩක් තියෙනවනම් ඔයාට ලේසි නෑ රැන්ක් වෙන්න. ඒ ගැනත් හොයල බලන්න.
- MultiMedia Files – ඔයාගේ තරගකරු වීඩියෝ , ඕඩියෝ සහ ඉන්ෆෝග්‍රැපික් යූස් කරලනම් එයා ලේසි පහසු තරගකරුවෙක් වෙන්නේ නෑ. අනික ඔයත් මතක තියාගන්න මේ දේවල් ඔයාගේ සයිට් එකට යූස් කරන්න.
- Targeted Keyword – ඔයා ටාර්ගට් කරන කී වර්ඩ් එකමනම් එයත් ටාර්ගට් කරල තියෙන්නේ වැඩේ ලේසි නෑ. හැබැයි එහෙම නැත්තන් ඔයාට ලේසියෙන් ගොඩ යන්න පුලුවන්.
Analyse Competition With First 25 Pages
මේක අපිට වැදගත්ද? ඔවු මමනම් පළමු පිටු 50 අතරේ තියෙන සයිට් හැම එකක්ම ඇනලයිස් කරනව. මොකටද?
එකක් තව අලුත් Keyword හොයාගන්න. අනිත් එක ඉස්සරහට එන්න පුලුවන් තර්ජන අදුන ගන්න. ඔයා 50ක් බලන්න ඕන නෑ. එහෙම වුනොත් සයිට් 500ක් එකින් එක බලන්න වෙනව. හැබැයි අඩුම 25ක්වත් බලන්න. Keyword Research එකක් කරන එක ලේසි කියල හිතාගෙන හිටියනම් දැන් තේරෙනව ඇති නේද වැඩේ තියෙන බරපතලකම.
තව අපි හදන විදියෙම නිච් සයිට් දෙවනි පිටුවෙ වගේ ගොඩක් තියෙනවනම් ඒ Keyword එක ගැන නොහිතුවට කමක් නෑ. තව ගොඩක් නිච් සයිට් තියෙනව කියල කියන්නෙ ඉක්මනින්ම ඔයාට ලොකු තරගයකට මුහුණ දෙන්න වෙනව කියන එක. හැබැයි ඒ වෙනුවට ඔයා දකිනවනම් දුර්වල සයිට් ගොඩක් දෙවනි සහ තුනවන පිටුවල ඒකෙන් අදහස් වෙනව ඔයාට හොද අවස්ථාවක් තියෙනව කියල.
තව මම ඔයාට කියන්න වැදගත්ම දෙයක් තියෙනව. මේ හැම විස්තරයක්ම අපිට ලැබෙන්නෙ දල වශයෙන් විතරයි. සමහර සයිට් තියේවි බැක්ලින්ක් නැතුවම ගූගල් රිසාල්ට් පේජ් වල එකට එන. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔයත් ඒ විදියේ සයිට් එකක් හදල බැක්ලින්ක් ගත්තොත් ඔයාට එයාව පහලට දාල එක වෙන්න පුලුවන් කියල. බොහෝ දුරට බැක්ලින්ක් නැති සයිට් එකක් අංක එකට ඉන්නවනම් ඒකේ තේරුම ඒ සයිට් එකේ අයිතිකරුට ගොඩක් පවර්ෆුල් ප්‍රයිවට් බ්ලොග් නෙට්වර්ක් එකක් තියෙන බව සහ එයා සියලුම බොට් බ්ලොක් කරල කියන එක.
මේ කිවුව දේ හොදට මතක තියාගන්න. ටූල් වලින් විතරක් මේව හොයාගන්න බෑ. ටිකක් මොලේ පාවිච්චි කරල වැඩ කරන්න. මට ඉතින් හැමදේම ඇගිල්ලෙන් ඇන ඇන කියල දෙන්න බෑ. ඔයා දැනගන්න ඕන මේ දේ කරොත් මේ විදියට වෙයි, මේ දේ කරොත් මේ විදියට වෙයි කියල හිතල බලල කරන්න කරන දෙයක්.
Analyze Backlinks With Other Tools
Keyword Research එහෙකදි තරග කරුවන් අධ්‍යනය අතිශයින් වැදගත්. Moz කියන්නේ එක සයිට් එකක් ඔයාට යම් දුරකට ෆ්‍රී යූස් කරන්න පුලුවන්. හැබැයි Moz විතරක් යූස් කරල තීරණයකට එන්න බෑ කියල මතක තියාගන්න. මොනම ටූල් එහෙකටවත් හරියට තොරතුරු දෙන්න බෑ. අපි ගෙවල ගත්තත් එච්චර තමයි. ඒක නිසයි මම කිවුවෙ අපි ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕන කියල.
Ahrefs කියන්නෙත් හොද ටූල් එකක්. ඒකත් යූස් කරන්න. මම මේව යූස් කරන හැටි පවා කියල දුන්නොත් මේක මොන්ටිසෝරි එකක් වගේ වෙනව. පොඩ්ඩක් ගිහින් බලන්න. දැක්කම තේරේවි කරන්න ඕන මොකද කියල. මේ ටූල් එකට සල්ලි ගෙවුවත් පාඩුවක් නෑ. මම ඒක අත්දැකීමෙන් දන්නව.
තව ටූල් එකක් තමයි SEMRush මේකටත් ගෙවුවට පාඩු නෑ ඔයා දිගටම මේ දේ කරන්න බලාපොරොත්තු වෙනවනම්.
- http://webmeup.com/
- http://www.spyfu.com/
- http://www.seo-spyglass.com/
- http://raventools.com/
- https://majestic.com/
- http://keywordtool.io/
What Next?
මම මේ වෙද්දි නිච් සයිට් කිහිපයක සහ ප්‍රයිවට් බ්ලොග් නෙට්වර්ක් එකක අයිතිකරුවෙක්. මම කරන විදිය තමයි මේ දාල තියෙන්නෙ. එක කොටසක් අඩුයි. ඇත්තටම අඩු නෑ. නමුත් ඒ කොටස මීට වඩා පැහැදිලිව පොඩ්කාස්ට් එකේදි කියල දෙන්න බලාපොරොත්තු වෙනව මම. මේ විදිය මට හරි ගියානම් ඔයාට වරදින්න විදියක් නෑ.
දන්න අය කියල දෙන්නේ නෑ මේ දේවල්. ඔයාට ඕන නම් මේක සහ පළමු පෝස්ට් එක ප්‍රින්ට් කරල තියාගන්න. ප්‍රයෝජනවත් වෙයි ගොඩක් වෙලාවට. මම මේ දැනුම ඔයාලට දුන්නේ නිකන්ම. ඒක නිසා ශෙයා පාරක් දාලා මටත් උදවුවක් කරන්න ලංකාවට වෙනසක් කරන්න. කමෙන්ට් එකක් එහෙම දාන්න. එතකොට දැනෙන සතුට නිසා තව අලුත් දේවල් කියා දෙන්න හිතට ධෛර්‍යක් එනව.
මතක තියාගන්න අපි යන ගමන ලේසි නෑ. හැබැයි හරියට ගියොත් වරදින්නෑ… ප්‍රශ්ණ තියෙනවනම් ෆේස්බුක් ගෘප් එක හරහා අහන්න. බය වෙන්න එපා. දැනට මාත් එක්ක කථා කරපු අය දන්නව මම ඕනම ප්‍රශ්ණයකට ඉක්මනටම පැහැදිලිව උත්තර දෙන බව. සමහර අය මේ අපි කථා කරන දේවල් වලට පරිබාහිර දේවල් පවා අහනව. ඒත් මම උත්තර දෙනව.
එහෙනම් මම අදට නවතිනව. යන්න කලින් කියන්න ඕන ලබන සතියේ සිකුරාදට කලින් Keyword Research එක ඉවර කරගන්න. මොකද ලබන සතියේ සිකුරාද අපි ඊලග පියවරට යනව. සිකුරාදට කලින්, ඒ කියන්නේ මේ සතියේ සිකුරාදට බොහෝ දුරට ඔයාට පළමු පොඩ්කාස්ට් එක අහන්න ලැබෙයි.
ඔයාට මෙච්චර දේ කියල දෙන මට කරන උදවුවක් වශයෙන් මේ පෝස්ට් එක ශෙයා කරන්න අමතක කරන්න එපා . සුභ දවසක්!
Comments
Post a Comment