Wordpress Theme | ඇෆිලේට් සයිට් වලට හොදම තීම්ස් 7ක්

ඔන්න යාළුව අදත් මම ඔයාලට අළුත් දෙයක් අරගෙන තමයි ආවේ. අපි අද කථා කරන්නේ WordPress Theme ගැන. මුලින්ම කියන්න වෙනත් කථාවක් තියෙනව මට. මීට දින කිහිපයකට පෙර කුප්පියේ මම දාපු පෝස්ට් එකකට අනන්‍යතාව සගවාගත් කෙනෙක් විසින් ලොකු කතන්දර කිහිපයක් කියල තිබුනා. මම නම් මගේ අනන්‍යතාව සගවල නෑ. මේ සයිට් එකේ මෙන්න මෙතනින් ගියානම් බලන්න පුළුවන් මම කවුද කියල. මගේ පින්තූරත් දාල තියෙනව…
මම කුප්පියේ පෝස්ට් එක දැම්මේ අන්තර්ජාලයෙන් මුදල් උපයද්දි ඔයාලට මතුවෙන ගැටළු මොනවද කියල අහල. ඒකෙන් මම බලාපොරොත්තු උනේ ඒ ගැටළු වලට කෙටියෙන් පිළිතුරු සැපයීම සහ දීර්ඝ වශයෙන් ඒවා පිළිබදව මේ බ්ලොග් එකේ කථා කිරීම. ඉතින් කෙනෙක් මම දාපුව උපුටා දක්වමින් ඒවාට වැරදි අර්ථකථන දෙමින් දිගින් දිගටම මට පහර දෙන්න උත්සහා කරා. මම කිසිම දවසක කිසිම විදියකින් කුප්පියේ හෝ වෙනත් තැනක මගේ ප්‍රොඩක්ට් තදින් විකුණන්න උත්සහ කරල නැති බව ඔයාල දන්නව ඇති. මට මගේ මේ බ්ලොග් එකේ ඕන දෙයක් දාන්න පුළුවන්. ඒත් මම බ්ලොග් එකේ උනත් වැඩිය මගේ ප්‍රොඩක්ට් ගැන කථා කරල නෑ. පහුගිය පෝස්ට් බැලුවම උනත් ඕන කෙනෙක්ට තේරෙනව මම හාර්ඩ් සෙලින් කරල නෑ කියල කිසිම දෙයක්. ඉතින් අර මම කිවුව පුද්ගලය දිගින් දිගටම උත්සහ කරේ සහ දිගින් දිගටම කිවුවේ මගේ ලොකු ලයින් බව. ඒක ඔයාල දන්නව ඇති. ඊලගට එයා ගෙනාපු තර්කය මගේ ප්‍රොඩක්ට් මිල අධික බව…
ඔව් මිල අධික වෙන්න පුළුවන්. නමුත් මේ මිල මදි කියලයි මට හිතෙන්නේ. කොහොමත් ඉක්මනින්ම මේ ප්‍රොඩක්ට් වල සේල් එක ඉවර කරනව මම. ඊට පස්සේ ආයෙත් මිල වැඩි වෙනව. ඇත්තටම මම ලංකාවේ අය, මගේ අය නේද කියලයි මේ මිලට දුන්නේ. පුළුවන් තරම් අඩු කරල. එහෙම නැත්නම් මීට වඩා හුගක් මිල වැඩි. මොකද මේක සෙල්ලමක් නෙමෙයි. අපි ගොඩක් මහන්සි වෙන්න ඕන. අනිත් කාරණාව අපිත් වියදම් කරනව මේ වැඩ වලට. අපිට මහ ලොකු ලාභයක් ලැබෙන්නෑ. කොහොමත් මම මේ දාපු ගානටනම් මට ලාභයක් නොලැබෙන තරම්. අනික මම ඔයාලට කියන්නේ නෑ සයිට් ගන්න කියල. මම මුල ඉදන් සරලව කියල දීල තියෙනවනේ. ඉතින් ඒ පෝස්ට් බලාගෙන සයිට් එකක් හදාගන්න. මම දෙන කොලිටි එකට හදාගන්න පුළුවන් වෙයිද කියන කාරණාව මම දන්නේ නෑ. නමුත් හොද මට්ටමට ගන්න පුළුවන් සයිට් එක ඔයාලට තනියම. මගේ කොලිටි එක කියන දේ අවුරුදු ගානක මහන්සියක ප්‍ර‍තිපලයක්.
මට මේ තත්වෙට එන්න වියදම් උනා. මට අත්හදා බැලීම් කරද්දි සල්ලි අහිමි උනා. ඩොලර් දහස් ගනන් නැති වෙලා තියෙනව මට. අදට උනත් මගේ විවිධ අත්හදා බැලීම් කරද්දි ලාභ ලැබෙන අවස්ථා තියෙනව. ගොඩක් වෙලාවට තියෙන්නේ කෙලවිලා යන අවස්ථා. මම දුක් වෙන්නේ එක දෙයක් නිසා. මම දෙයක් කියන්නම් ඔයා වෙන කෙනෙක්ට වඩා යම් කිසි දෙයකට දක්ශයි නම් ඔයාගේ දක්ශතාවය අලෙවි කරන්න. ඒකට බය වෙන්න එපා. ඔයා දන්න දේ නිකන් කරන්න යන්න එපා. මිනිස්සු බනිවි ඔයා සල්ලි මත්තේ නැහෙනව කියල. ඒව ගනන් ගන්න එපා. කවදාවත් දන්න දේ නිකන් දෙන්න එපා. මිලක් හදාගන්න. මම උනත් මීට පස්සේ මේ බ්ලොග් එක ලියන එක පවා සීමා කරනව.
මිනිස්සු ගොඩ දෙනෙක්ට වැඩක් කරගන්නත් බෑ. කරන එකාට කරන්න දෙන්නෙත් නෑ. දැන් අර මනුස්සයා කියනව එයා සාමාන්‍ය ජනයා වෙනුවෙන්ලු පෙනී හිටියේ. මට දැනුමක් නෑලු මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව ගැන. හත්ඉලවුවේ මිනිස්සු හැමෝටම මිලදීගන්න බැරි තරම් මිලක් වෙන නිසා තමයි මම ෆ්‍රී පෝස්ට් දාල තියෙන්නේ කරන හැටි ගැන. නැත්නම් මට තිබුනනේ කෙලින්ම විකුණන්න.
ගොඩක් දුරට එයා උත්සහ කරන්න ඇත්තේ මගේ ප්‍රොඩක්ට් වල මිල අඩු කරවගන්න. එයාටත් එකක් ඕන ද දන්නෑ…
කොහොම උනත් මම කිය කිය කථාව මේකයි. කට්ටිය මේක ෆේස්බුක් එකෙත් දැකල ඇති. අර ආර්ට්ස්ට් කෙනෙක් ලොගෝ එකක් නිර්මාණය කරල ගාන කිවුවම ගන්න කෙනා කියනව ඔයාට මේක හදන්න ගියේ විනාඩි 5යි… ඒකටද මේ ගාන කියල. ඒ උනාට ඒ බූරුව දන්නේ නෑ ආර්ටිස්ට් කෙනෙක්ට විනාඩි පහෙන් ලෝගෝ එකක් ගහන්න කොයි තරම් කැපකිරීමක් ජීවිතයේ කරන්න ඕනද කියල. ඉගෙන ගන්න යන මුදල් කාලය වගේ දේවල් ගැන කිසිම දැනුමක් නැති බූරුවෙක් ගාන අඩු කරන්න කිවුවට ගාන අඩු කරන්න මගේනම් කිසිම අදහසක් නෑ.
උඹට උනත් මම කියන්නේ කිසිම දෙයක් නිකන් කරන්න යන්න එපා. සාධාරණව ගන්න පුළුවන් උපරිම ගාන ගනින්. දැන් බලහන් ලංකාවේ වෙබ් ඩිසයින් කරනව පේජ් 5ක් 5000යි. අන්න ඒ වගේ ගොන් වැඩ කරල ඉගෙන ගත්ත දේ බාල්දු කරන්න එපා බොලල්ලා… උන් වගේ පරයෝ හින්ද තමයි කුප්පියේ උනා වගේ එක එකා ඇවිත් අපිටත් පාර්ට් දාන්නේ. තමන්ගේ හැකියාව බාල්දු කරගන්න එපා මචන්. මම දැන් මෙහෙම කිවුව කියල අසාධාරණ ගනන් කියන්නත් එපා. ඒව පවු වැඩ. ගන්න පුළුවන් සාධාරණ උපරිම මුදල ගනින්. සොරි වෙන්න ඕන මගේ වාග් විලාශය ටිකක් සැර උනාට.
Wordpress Theme
ඉතින් මතක තියා ගන්න. කවදාවත් තමන්ගේ හැකියාවන් බාල්දු කරන්න එපා. මම මේක කියන්නේ ඔයාගේ හොදටමයි. මට මේක නොකිය ඉන්න තිබ්බ. මොකද මමනම් එක එක උන් කෑ ගැහුව කියල මගේ ගනන් වෙනස් කරන්නෑ. අනික මට හිතෙන දේ මම කරනව. කාටවත් වලක්වන්නත් බෑ. ඉතින් මේ කථාව දැනට පැත්තකට දාල අපි අද මාතෘකාව ගැන කථා කරොත් හොදයි කියල හිතෙනව දැන්. කොහෙවත් යන උන් නිසා අපේ ලේ කෝප කරගන්න අවශ්‍ය නෑ. හැබැයි එක දෙයක්. මම බ්ලොග් එක ලියන එක සීමා කරනව. ඒ වෙනුවට මෙම්බර්ශිප් ප්‍රෝග්‍රෑම් එක ඉක්මනින්ම පටන් ගන්නව. අපි නිකන් කරන්න ගියාම තමයි හැම එකාම ඇද කුද හොයන්න එන්නේ. දැන් ඒ කථාව ඇති…

WordPress Theme

හරි දැන් කට්ටිය සයිට් එක පටන් අරන් ඇති නේද? පටන් අරගෙන නැත්නම් බලන්න අපේ පරණ පෝස්ට් ටික. මම පහළින් දාන්නම් ලින්ක් ටික පිළිවෙලට…
  1. http://marketingeggs.com/keyword-research/
  2. http://marketingeggs.com/keyword-research-part-2/
  3. http://marketingeggs.com/competitors-analysis/
  4. http://marketingeggs.com/competitors-analysis-part-02/
  5. http://marketingeggs.com/choose-domain-name/
  6. http://marketingeggs.com/web-hosting-sri-lanka/
මෙන්න මේ ස්ටෙප් වලින් පස්සේ අපිට ඉතුරු ස්ටෙප් කිහිපයක් විතරයි. එකක් තමයි අද අපි කථා කරන තීම් එකක් දාගන්න එක. අනිත් එක අවශ්‍ය කරන ප්ලගින් මොනවද කියන එක. ඊට පස්සේ පොස්ට් ලියන හැටි සහ ඉදිරියට දිගින් දිගටම බැක්ලින්ක් හදන හැටි.
ඉතින් අපි අද කථා කරන්නේ Wordpress Theme ගැන. Wordpress Theme ගැන කථා කරද්දි අපිට මේ තීම්ස් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් ෆ්‍රී තීම්ස් සහ ප්‍රිමියම් තීම්ස්. මම සාමාන්‍යන් මේ ෆ්‍රී තීම්ස් අනුමත කරන්නේ නෑ. මොකද ගොඩක් ඒවා SEO Optimize කරල නෑ. ප්‍රිමියම් තීම්ස් උනත් හැම එකක්ම SEO Optimize කරල නෑ. ඒකට ඉතින් අපි ඩිවලොපර්ට බැනල වැඩක් නෑ. මොකද ඒක කරන එක නෙවේනේ ඩිවලොපර්ගේ කාර්‍ය. ඒක අපි දැනගන්න ඕන හොද තීම් එකක් තෝරගන්න. ඉතින් තීම් එකක් තෝරගන්න කොට අපි බලන්න ඕන දේවල් කිහිපයක් තියෙනව.
මුලික වශයෙන්ම මිල. ඉතින් ගෙවන මිලට උපරිම සාධාරණයක් නැත්නම් අපිට මේක අරගන්න එකේ තේරුමක් නෑ. අනිත් කාරණාව තමයි Wordpress Theme එක SEO Optimize කරලද කියන එක බලන්න ඕන. ඒකනම් ගොඩක්ම බලන්න ඕන නෑ. හැබැයි කරල තියෙන එකක් ගන්න එක වැදගත්. කාලය ඉතුරු වීමක්
අනිත් එක බලන්න ඕන තීම් එක ස්පීඩ්ද කියලත්. ඊට අමතරව ඇමසන් ඇෆිලේට් කරන අපි බලන්න ඕන තවත් කාරණා කිහිපයක් තියෙනව විශේෂයෙන්ම. මොකද අපි කරන්නේ විශේෂ කටයුත්තක් නිසා. Wordpress Theme එක අපිට ඉතාම වැදගත්. අපි බලන්න ඕන මේවල තියෙනවද කියල අපිට අවශ්‍ය දේවල්.
එකක් තමයි ප්‍ර‍යිස් ටේබල්. අනිත් එක රිවීවු සිස්ටම් එකක් තියෙනවද කියලත් බලන්න ඕන. සමහර වෙලාවට ඔයාල දැකල ඇති ගූගල් එකේ අපි භාණ්ඩයක් හෙවුවම ගොඩක් උඩින් එන සයිට් වල බෙහෝ වෙලාවට තරු ලකූණු තියෙනව කහ පාටින්. ඒකෙන් අදහස් කරන්නේ ඒක රිවීවු කරල රේටින් කරල තියෙනව කියල අදාල සයිට් එකේ. ඒ විදියට දාන්නනම් Schema Code දාන්න ඕන අපේ සයිට් එකට. ඒක අපිට ඉතින් කරගන්න බැරි කමක් නම් නෑ. හැබැයි ගොඩක් මහන්සි වෙන්න වෙනව. ඊට වඩා ලේසි නේද තීම් එකෙන් ඕව හදලම දෙනවනම්?
ඉතින් මෙන්න මේ වගේ බොහෝ දේවල් තියෙනව අපිට කථා කරන්න තීම් එකක් ගනිද්දි. ඉතින් මම හිතුව මගේ ගමනෙදි අද දක්වා හමු උන හොදම තීම්ස් ටික ඔයාලට හදුන්වල දෙන්න. මොකද ඒක ඔයාලට කාලය ඉතුරු වීමක්. අනිත් අතට මගේ අත්දැකීම් හරහා තමයි මම මේවා දාන්නේ. මට ඉහලම ආදයම් ගෙනදුන්න තීම් එක මම උඩින්ම දාල තියෙනව. එහෙනම් බලන්නකෝ මේ Wordpress Theme මොනවද කියල.
01. Ultimate Azon
Best Cordless Drill
මේ Wordpress Theme එක තමයි මගේ සයිට් 4න් 3කටම මම යූස් කරන්නේ. හේතුව තමයි මේ Wordpress Theme එක අපේ ඇමසන් ඇෆිලේට් වලටම වෙන් කරල නිපදවා තිබීම. සයිට් එක ඉක්මනට ලෝඩ් වෙනව. කෝඩ් එක ගොඩක් බර නෑ. පින්තූර උනත් බර නැහැ. විශේෂම කාරණාව තමයි ඇෆිලේට් වලටම අවශ්‍ය කරන ගෙඩක් දේවල් මේක ඇතුලේ තියෙනව. අපිට ගොඩක් ප්ලගින් යූස් කරන එක අඩු කරගන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන එක සහ එකම තීම් එක මේක. මම ගොඩක් උත්සහ කරපු තීම් අතරින් හොදම එක මේක. සයිට් 4න් තුනකම දාලා තියෙන්නේ මේක. දැන් අහන්න එපා මම මේක විතරයිනම් රෙකමන්ඩ් කරන්නේ 7ක් ගැන දාල තියෙන්නේ ඇයි කියල. 7ක් දැම්මේ මම උත්සහ කරපු තීම් නිසා. හොදම පිළිවෙලට තමයි මේ දාලා තියෙන්නේ.

02.REHub

Rehub demo site – Rehub theme demo site
මේ තීම් එක ගැන කථා කරනවනම් මේකත් අපේ මේ වැඩේටම හදපු එකක් තමයි. ඒවගේම කියන්න ඕන මගේ ඉතුරු සයිට් එකට යූස් කරන්නෙත් මේ තීම් එකම තමයි. මේක ඇත්තටම ගොඩක් හොද තීම් එකක්. වේගවත් බව උනත් උපරිමයි. කියන්න කිසිම වරදක් මම නම් දකින්නේ නෑ. අනිත් විශේෂම දේ මේක සෙල් කරන අයගේ සපෝට් එකනම් විශ්ෂඨයි. මම ඉහලින්ම රෙකමන්ඩ් කරන තවත් තීම් එකක් තමයි මේ.

03.OptimizePress

21-NICHES-YOU-SHOULD-TRY-IN-2016-_-ULTIMATE-LIST-(SINHALA-EDITION)
මේකනම් ඇත්තටම Wordpress Theme එකකට වඩා ප්ලගින් එකක් විදියට තමයි අපි යූස් කරන්නේ. එයාලගේ තීම් එකකුත් තියෙනව. මෙයාලගේ ඇත්තටම කිවුවොත් ගානනම් වැඩි. නමුත් කියන්න ඕන වෙනත් කාරණාවක් තියෙනව. ඒ තමයි මේ ප්ලගින් එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන බොහොමයි. මෙයාල ඇෆිලේට් මාර්කටින් අරමුණු කරගෙන නෙවෙයි මේක හදල තියෙන්නේ. එයාලගේ අරමුණ ඊට එහා ගිය දෙයක්. අපේම ප්‍රොඩක්ට් විකුණන එක ගැන අපි කථා කරනව නේද හැමදාම? අන්න ඒ වගේ අරමුණු වෙනුවෙන් තමයි මේ Wordpress Theme එක හදල තියෙන්නේ. මමත් භාවිතා කරනව අදටත් මගේ වැඩ වලට. ඔය උඩ දාලා තියෙන්නේ ඉස්සරහට එන මගේ ෆ්‍රී ඊ බුක් එක වෙනුවෙන් මම මේ ප්ලගින් එක යූස් කරල හදපු පේජ් එකක්…

04.SevenMag

SEVENMAG - Just another WordPress site
සුපිරි Wordpress Theme එකක්. මම දැනට භාවිතා කරන තීම් එක මේක මේ සයිට් එකට ඔයාලට පේනව ඇති. ඉතින් වැඩිය කියන්න දෙයක් නෑ ඔයාල හැමෝම දන්නව මගේ සයිට් එක බොහොම පිළිවෙලට මම කරගෙන යනව. ඒකට ගොඩක් උදවු වෙනව මට මගේ Wordpress Theme එක. මොකද මේකේ පැනල් එක මාරම ලේසි අපිට ඕන දෙයක් කරගන්න. වෙන Wordpress Theme වල වගේ හතරවටේ යන්න අවශ්‍ය නෑ දෙයක් කරගන්න. ශෝට් කෝඩ් එහෙමත් ගොඩක් තියෙනව. මම මේ දාල තියෙනව වගේ බොක්ස්, කෝට් දාන්න ලේසියෙන්ම පුළුවන්. ඇෆිලේට් සයිට් එහෙකටත් ගැලපෙනව. හැබැයි ප්ලගින් කිහිපයක් යූස් කරන්න වෙනව රිවීව් සිස්ටම් එක එහෙම හදාගන්න. ඒ ඇරුනම සුපිරි තීම් එකක්. ඔයාලට ඕන වැඩක් කරගන්න පුළුවන්. පේනවනේ මම E Commerce Page එහෙකුත් හදල තියෙනව. ඒ හැම දේකටම සපෝට් කරනව වගේම හොදින් SEO Optimize කරපු Wordpress Theme එකක් වශයෙන් හදුන්වන්න පුළුවන්.

05.Throne

Throne _ Personal Blog_Magazine WordPress Theme
ඔයාට මතකද දන්නෑ මම මුලින්ම මේ සයිට් එකට දාගෙන හිටපු Wordpress Theme එක මේක. මේක දැක්කම මාර පිරිසිදු හැගීමක් මට එන්නේ. ඇෆිලේට් සයිට් එකකට ගොඩක් හොදයි. මම නිතරම උදාහරණයට ගන්න http://shaverguru.com/ සයිට් එකේ තීම් එකත් මේක. මගේ ඇෆිලේට් සයිට් වලට මම යූස් කරල නෑ. හැබැයි 1000$ චැලේන්ජ් එකේදී හදන සයිට් එකට බොහෝදුරට මම මේ Wordpress Theme එක තමයි යූස් කරන්න හිතන් ඉන්නේ. ගොඩක් දෙනා ඒ දවස්වල මගෙන් ඇහුව මොකද්ද මචන් උඹේ Wordpress Theme එක කියල. ඉතින් ඔන්න මම ඒ දවස්වල භාවිතා කරේ මේ Wordpress Theme එක.

06.The Review

The Review - Multi-Purpose Review & Magazine Theme
කලින් එක වගේම මාර ක්ලීන්. ලස්සනයි. මම එකම වතාවක් භාවිතා කරා. මේක ඇත්තටම හොද Authority Type එකට යන සයිට් එකකට. ලොකු දෙයක් කියන්න නෑ. හොද තීම් එකක්. මම භාවිතා කරපු තීම් අතර තිබුන ගොඩක් ලස්සන Wordpress Theme එකක්.

06.Compare

Compare Responsive _ WordPress Price Comparison Demo
මේ Wordpress Theme එකනම් මම ගත්තේ නෑ. හැබැයි මගේ යාළුවෙක්ට මේක යූස් කරල සයිට් එකක් හදල දුන්න. මම යූස් නොකරන්න හේතුව තමයි මේක ප්‍ර‍යිස් කම්පැරිසන් ගනයට වැටීම. මට ඒ මොඩල් එක එච්චර අල්ලන්නේ නෑ. මේ තීම් එක දකිද්දි මට හැමදාම අපේ ලංකාව ඇතුලේ කරන්න පුලුවන් බිස්නස් එකක් මතක් වෙනව. මම දැන්නම් එක මෙතන කියන්න යන්නෑ. මොකද මම දැන් ඇත්තටම තීරණය කරලා ඉවරයි කිසිම දෙයක් ෆ්‍රී කියල දෙන්නෑ කියල. කුප්පියේ උන වැඩෙන් මට එපා උනා.

හරි ඔන්න එහෙනම් මම ඔයාලට සුපිරි Wordpress Theme 7ක් ගැන කිවුව. මේ අතරින් අංක එකට දාල තියෙන Wordpress Theme එක තමයි මම ඉහලින්ම නිර්දේශ කරන්නේ. මතක් කරන්න ඕන අවසාන වශයෙන් මේ සයිට් එකේ ගොඩක් වෙනස්කම් වෙනව. සාම්ප්‍ර‍දායික සහ යල් පැනගිය ක්‍ර‍ම නැතුව අළුත් සහ හොද ක්‍ර‍ම හරහා මුදල් උපයන ආකාරය ගැන ඉස්සරහට අපි කථා කරමු. විශේෂයෙන්ම ඇඩ් ක්ලික් වගේ දේවල් පසුපස නොයා හොද ඉහල ආදායමකට යන්න අපි ඉගෙන ගමු.
වචනයක්වත් නොලියා හොද පෝස්ට් එකක් හදාගන්න හැටි, කිසිම සයිට් එකක කමෙන්ටුවක්වත් දාන්නේ නැතුව බැක්ලින්ක් හදාගන්න හැටි වගේ ගොඩක් රහස් තියෙනව මට බෙදාගන්න. ඔයාලම තීරණය කරන්න තව දුරටත් මේ සයිට් එක කරනවද නැද්ද කියල. කමෙන්ටුවක් දාලා කියන්න තියෙන දේ මුනට කියන්න. ෆේක් අකවුන්ට් හදාගෙන තැන තැන කියවන්න එපා.
ඔයාලම කියන්න ඉස්සරහට කරන්න ඕන දේ… ඔයාල කියන දේ අනුව MarketingEggs.Com අනාගතය තීරණය කරනව මම. සුභ දවසක්…!

Comments

Popular posts from this blog

කොහොමද හොද Keyword එකක් හොයාගන්නෙ

Starting Blog : ඔයාගේ බ්ලොග් අඩවිය පටන්ගන්න කලින් කල යුතු දේවල් පහළොවක් !