Backlink Building Epic Guide | විකිපීඩියාවෙන් බැක්ලින්ක් ගමු
ඔන්න යාළුව මම ආයෙත් වතාවක් අපේ චැලේන්ජ් එකේ හොස්ටින් ගැන පෝස්ට් එක දාන්න කලින් වෙනත් දෙයක් කියල දෙන්නයි යන්නේ. අපිට ගොඩක්ම ඉස්සරහට වැදගත් දෙයක්. ඒ තමයි Backlink Building. අනිත් දේ තමයි මම ඔයාට අද කියල දෙන්නේ Backlink Building කියන්නේ මොකද්ද කියලනම් නෙමෙයි. ඒ වෙනුවට මම අතිශයින් විශේෂ රහසක් ඔයා එක්ක බෙදාගන්නයි ලැස්තිය. ඔයාල දන්නව ඇතිනේ විකිපීඩියාව කියන්නේ ලෝකේ තියෙන හොදම Trusted සයිට් එක කියල. ඉතින් ඒ වගේ සයිට් එකකින් ලින්ක් එකක් ඔයාගේ සයිට් එකට ලැබෙනව කියන්නේ කොහොමද නේද?
Warning : මම ඔයාව විශ්වාස කරල කියල දෙන දේවල් වැරදි වැඩ වලට හෝ වැරදියට භාවිතා කරන්න එපා. ඒකෙන් විනාස වෙන්නේ ඔයා විතරක් නෙමෙයි. ලෝකය ඉදිරියේ ලංකාවෙ නමත් විනාස වෙයි. හොද මිනිස්සුන්ට ලැබෙන අවස්ථාව නැති වෙයි. ඒක නිසා හනුමන්තා වගේ හතර වටේට ගිනි තියන්නේ නැතුව මොලේ පාවිච්චි කරල වැඩ කරන්න. ( මම මෙහෙම කිවුවෙ සමහර අයගේ මෝඩ වැඩ නිසා අපිට ලැබෙන්න තිබුන සමහර දේවල් රටටම අහිමි උන නිසා )
What Is Backlink Building
Backlink Building ගැන කථා කරන්න කලින් අපි මුලින්ම බලන්න ඕන මොකද්ද Backlink එකක් කියන්නේ කියල. ඇත්තටම මොකද්ද Backlink එකක් කියන්නේ? මම මේ පහළින් දාන්නේ Wiki එකේ ඒ ගැන තියෙන දේ.
Backlinks, also known as incoming links, inbound links, inlinks, and inward links, are incoming links to a website or web page. In basic link terminology, a backlink is any link received by a web node (web page, directory, website, or top level domain) from another web node
Backlink එකක් කියන්නේ ඔයාගේ සයිට් එකට වෙනත් සයිට් වල ඉදල එන ලින්ක් වලට. උදාහරණයක් විදියට මම ඔය උඩ What Is Backlink කියන එක ලින්ක් කරල තියෙනව විකිපීඩියාවට. ඉතින් මේ ලින්ක් එක මගේ සයිට් එකට Outbound Link එකක්. හැබැයි විකිපීඩියාවට මගේ සයිට් එකෙන් ලැබෙන Backlink එකක්. ඉතින් විකිපීඩියා වගේ සයිට් එකකට මගෙන් ලින්ක් එකක් ලැබුනා කියල ඇතිවෙන විශේෂ වාසියක් නෑ. හැබැයි කොහොමද මේකේ අනිත් පැත්ත උනොත්? ඒ කිවුවෙ මට විකිපීඩියාවෙන් ලින්ක් එකක් ලැබුනොත් කොහොමද?
හොදයි දැන් ඔයා දන්නවනේ Backlink කියන්නේ මොනවද කියල. ඉතින් මේව නිකන්ම ලැබෙන්නේ නෑ. අපි මේව හදන්න ඕන. ඒකට අපි විවිධ විවිධ ක්‍රම භාවිතා කරනව. උදාහරණයකට අපිට පුළුවන් ලොකු සයිට් එකක් එක්ක කථා කරල එයාලට ගෙස්ට් පෝස්ට් එකක් ලියන්න. එතකොට අපේ සයිට් එකට එකක් හෝ දෙකක් ලින්ක් ලැබෙනව ඒ සයිට් එකෙන්. මේව ගොඩක් අමාරු වැඩ. මම මුලදිම කිවුව අපේ මේ ගමන යන්න පුළුවන් අතිශයින් කැපවන්නන්ට පමණයි කියල ඔයාට මතක ඇති. මතක් උන වෙලාවෙ කියන්න ඕන අපි අලුත් සේවාවන් කිහිපයක් හදුන්වා දෙන්න බලාපොරොත්තු වෙනව. එකක් Niche Website හදල දෙනව ඔයාට. අනිත් එක Link Juice එකක් හදල දෙනව ඔයාට. අවශ්‍ය අයට මිලදී ගන්න පුළුවන් අපි හදුන්වා දුන්නට පස්සේ. පහළ තියෙන්නේ ඔයාට Link Juice එකෙන් ලැබෙන දේවල්. දැන්ම නම් මිලදී ගන්න බෑ.
Bronze Egg
$75.00
One Super Spun Article
6 In-Content Links
Tire 01 : Spun Article Posted To 3 Top Level Blogs With 1 Post Each
Tire 02 : 7+ Supporting Web 2.0 Properties, 20+ Supporting Social Bookmarks, 100+ Profile Links
75 Private Network Posts
Written By Native English Speaker
හරි මේ අතුරු කථාව පැත්තකින් තියල අපි ආයෙත් අපේ මාතෘකාවට එමුකෝ. Backlink Building කරන එක ලේසි වැඩක් නෙමෙයි. මම හිතන්නේ තියෙන අමාරුම වැඩේ. කොහොම නමුත් බැක්ලින්ක් හදන්න විවිධාකාර ක්‍රම තියෙනව. ඒ විවිධ ක්‍රම ගැන අපි ටික ටික කථා කරමු. ඉතින් මම අද ඔයාට කියල දෙන්න යන්නේ මෙතුවක් කාලෙකට ඔයාට කවුරුවත්ම නොකියපු දෙයක් ගැන. ඒ තමයි කොහොමද විකිපීඩියාවෙන් Backlink හදාගන්නේ කියන එක ගැන.
Wikipedia
ඔයා දන්නව ඇති මේ සයිට් එක මොකද්ද කියල. ලෝකයේ තියෙන විශිෂ්ඨම සහ විශාලම දැනුම් ගබඩාව විදියට හැදින්වුවහොත් නිවැරදි. ඉතින් ලෝකයේ ඉන්න හැමෝම මේ සයිට් එකේ තියෙන දේවල් පිළිගන්නව. අපි උනත් මොනා හරි දැන හරියටම දැනගන්න ඕන උනාම බලන්නේ විකිපිඩියාව තමයි. ඉතින් මේ වගේ සයිට් එකකින් අපේ සයිට් එකට Backlink Building කරනව කියන්නේ මාරම වාසිදායක තත්වයක්. ඉතින් මේක කරන්න ගොඩක් අමාරු වැඩක්නම් නෙමෙයි. නමුත් නැවතත් ඉල්ලා සිටිනව වැරදියට භාවිතා කරන්න එපා කියල.
හරි අපි දැන බලමු කොහොමද අපේ සයිට් එකට Backlink Building හදන්නේ කියල විකිපීඩියාවෙන්. මම මේකට උදාහරණයකට ගන්න Niche එක තමයි Inbound Marketing.
ඔයා දන්නව ඇති නේද Dead Link සයිට් එකක රැන්ක් එකට ගොඩක් බලපානව. ඉතින් අපි සාමාන්‍යන් මැරුණ ලින්ක් අපේ සයිට් එකේ තියල තියන්නේ නෑ. එක්කෝ වෙන සයිට් එකකට ලින්ක් කරනව. නැත්නම් වෙන පිටුවකට නැවත දිශාගත කරනව. නමුත් විකිපීඩියාව මේ වැඩේ කරන්නේ නෑ. මොකද මිලියන ගානකට වඩා ලින්ක් දවස ගානෙ මැරුණ තත්වයට එනව. ඒ හැම එකම එයාලට වෙනස් කර කර ඉන්න බෑනේ. ඉතින් එයාල ලින්ක් එක ගාවින් පොඩියට දැනුම් දීමක් කරනව ලින්ක් එක වැඩ නෑ කියල. බලන්නකෝ පහළ පින්තුරය දිහා.
ඉතින් අපි මෙන්න මේ දේ තමයි යොදාගන්නේ අපේ Backlink Building වැඩේට. මුලින්ම ඔයා කරන්න ඕන දේ තමයි මුලින්ම ඔයා ගූගල් සෙවුමක් කරන්න ඕන. ඒකට මේ පහත විදිය යොදාගන්න.
Site:Wikipedia.Com [KeyWord] + “Dead Link”
උදාහරණයක් විදියට මම Inbound Marketing වලට අදාල මැරුණ ලින්ක් එකක් හොයාගන්න කරන්න ඕන මේ පහළ තියෙන විදියට.
ඊට පස්සේ එන රිසාල්ට් පේජ් එක තමයි අපිට වැදගත්ම Backlink Building ක්‍රියාවලියට. බලන්නකෝ මට ආපු රිසාල්ට් එක.
දැන් යන්න මේ ලින්ක් එකකට. ගිහින් හොයාගන්න මැරුණ ලින්ක් එක. ctrl+f යොදාගන්න සර්ච් කරන්න.
දැන් මේ මැරුණ ලින්ක් එකකට ගිහින් බලන්න ඔයාට දකින්න පුළුවන් වෙයි ඒ පිටුව හෝ සයිට් එක වැඩ නොකරන බව. ඔන්න මම තෝරගනිපු එක ලින්ක් එකක් වැඩ කරන්නෑ කියල මම හරියටම දැනගත්ත. දැන් තමයි Backlink Building කරන්න වෙලාව සහ දැන් තමයි හොදම හරිය.
මුලින්ම ඔයා ඒ මැරුණ ලින්ක් එක කොපි කරගන්න.
ඊට පස්සේ Archive.Org සයිට් එකට යන්න. Backlink Building කරන්න අපිට ඉස්සරහට ගොඩක් ඕන වෙන ටුල් එකක් තමයි මේකත්.
Archive.Org
මේ සයිට් එකෙන් කරන්නේ අපේ සයිට් වල Image එකක් කාලෙන් කාලෙට Save කරල තියාගන්න එක. අපිට ඒව කාලෙන් කාලෙට බලන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අපි හොයාගත්ත ලින්ක් එක ඒකේ ස්ර්ච් කරන එක. බලන්නකෝ මට හම්බුන දේ. ෆුල් ආර්ටිකල් එකනම් බලන්න බෑ වගේ. මොකද මම බලපු එකේ ලොගින් එකක් ඉල්ලනව. නමුත් හැම සයිට් එකකම ලොගින් වෙන්න ඉල්ලන්නේ නෑනේ. ( ලොගින් එක ඉල්ලන්නේ අදාල සයිට් එකෙන්. Archive එකෙන් නෙමෙයි )
දැන් ඔයාට ඒ ආර්ටිකල් එක දැකගන්න පුළුවන් නේද? දැන් ඉතින් කරන්න තියෙන්නේ වැදගත්ම දේ. ඒ ආර්ටිකල් එකේ තියෙන කරුණු අඩංගු කරල ඔයාගේ සයිට් එකේ ආර්ටිකල් එකක් දාන්න. හැබැයි මතක තියාගන්න එහෙන් පිටින්ම කොපි කරන්න එපා. හරි ඒ ටිකත් හරි කියමුකෝ. දැන් මොකද්ද කරන්න ඕන?
අයියෝ සිම්පල්, දැන් ඔයාට කරන්න තියෙන්නේ විකිපීඩියාවෙ තියෙන ඒ ලින්ක් එක එඩිට් කරල සබ්මිට් කරන එක. පරණ ලින්ක් එක වෙනුවට ඔයාගේ අලුත් ලින්ක් එක දාන්න. දැන් කාට හරි ප්‍රශ්ණයක් එනවනම් කොහොමද අපි විකිපීඩියාව එඩිට් කරන්නේ කියල, මතක තියාගන්න විකිපීඩියාව කියන්නේ ලෝකයේ ඕනම කෙනෙක්ට ඕනම තැනක ඉදන් වෙනස් කරන්න පුළුවන් සයිට් එකක්. ආපහු මම නැවත වතාවක් කියනව මේ දේවල් වැරදියට භාවිතා කරන්න එපා. ඔයාගේ හැම Content එකටම විකිපීඩියාවෙන් Backlink Building කරන්න යන්න එපා. ඒක අස්වාභාවිකයි. ගූගල් මාමා දැක්ක ගමන් කනේ පාරකුත් ගහල පුකට පයින් දෙකකුත් ගහල සර්ච් රිසාල්ට් එකෙන් එලවල දාවී
වැදගත්ම දේ ලංකාවෙ නම ආරක්ශා කරන්න. සමහරුන්ට ඉතින් මේවගේ දෙයක් අහු උනාම වදුරට දැලි පිහිය අහු උනා වගේනෙ. ඒකයි මම කියන්නේ. අනික පරණ ආර්ටිකල් එකට 100% ගැලපෙන ආර්ටිකල් එකක් නොලිවොත් එඩිට් එක ඇෆෘ වෙන එකක් නෑ. 100% ගැලපෙන කිවුවෙ ඒ කරුණු මිසක් ගෙඩිය පිටින් කොපි කරන්න කියන එක නෙමෙයි හොදද.
ඔන්න එහෙනම් මම අදට නවතිනව. මේ ආර්ටිකල් එක ඉක්මනින් දැම්මෙ ගොඩක් අය Backlink Building ගැන අහපු නිසා. ඔයාට ඕනනම් අපේ තවත් අළුත් සේවාවක් එනව දෙසැම්බර් මාසයේදී. ඒ තමයි Backlink Building. DA 30+ Site 5කින් ජීවිත කාලයටම වලංගු Backlink 5ක් $300ක් වගේ සුළු මුදලකට ලබා ගන්න ඔයාට පුළුවන්. මතක තියාගන්න ජීවිත කාලයටම මේ ලින්ක් වලංගුයි වගේම ඩොමේන් ඇයුතෝරිටි එක 30+. අනිත් එක මොනම හේතුවක් නිසා හෝ ලින්ක් එකක් Broke උනොත් ඒ වෙනුවට අලුත් Backlink එකක් හදන්න අපි ජීවිත කාලයටම වලංගු වගකීමකුත් දෙනව.
එහෙනම් මම අදට නවතිනව. ශෙයා කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්…
Comments
Post a Comment